Friday, July 5, 2013

අපි නොදන්න චෙස්



අපි නිකමට වගේ ආපසු අපගේ ජීවිතය පිළිබඳ පසුවිපරමක් කරමු. සතුටුද ජීවිතය ගැන ? target කවර් කරගන්න පුළුවන් වුණාද ? ගොඩක් අය නම් දැන් ඉතින් කියයි, අපෝ අපි නම් හරිම worried කියලා. ඒත් කීයෙන් කීදෙනාද කියන්නේ මෙච්චර දවස් ආපු දුර ගැන අපි නම් හරිම Happy කියලා.හැබැයි එක දෙයක් කියන්න ඕනේ. ඒ කොහොම වෙතත් අපි ෆුල් ජොලි.ක්‍රිකට් මැච් එකක් බලන්න ගියාම අපි මාර ෆන් එකක් ගන්නවා ඒකෙන්. මාර
ආතල් ඒ වැඩේ නම්.ඒත් ඔය ආතල් එක තව කොච්චර දවස් තියෙයිද ? ඔය ජොලිය තව කොච්චර කාලයක් තියෙයිද ? ඔන්න ඕක තමයි අවුල.අම්මලා තාත්තලා කන්න දෙන හින්දා හොඳයි. එහෙම නැත්නම් සල්ලිකාර පවුලකට සෙට් වෙලා හිටියොත් නම් හොඳයි. එහෙම නොවුණොත් මොකද කරන්නේ ? 
එහෙම නැත්නම් අපි මෙහෙම හිතමු. බලු බල්ලෙක්වත් අපිට නැති සීන් එකක් ආවොත්, ඔයා මොකද කරන්නේ ? කොහොමද තනියෙන් ආයේ ගොඩනැගෙන්නේ ? මොනවද ඔයාට කරන්න පුළුවන් ? දැන් ඉතින් ෆුල් හොල්මන් නේද ? චෙක් මේට් වුණා නේද ? එහෙම නැත්නම් චෙස් බෝඩ් එකේ හොඳම ඉත්තා (Queen) කැපිලා ගියා වගේ
නේද ? කරන්න දෙයක් කොල්ලෝ. ඕක තමයි ජීවිතේ. හැබැයි දැන් කියන්න එපා, නැහැ එහෙම වෙන්නේ නෑ කියලා. මොකද වෙන්න බැරිකමක් නැහැ. ඒ නිසා සක්කරය ආවාත්,සක්රයගේ පුතා වයිමා ආවත්, ඒවට සැලෙන්නේ නැතිවෙන විදිහට ඉන්න අපි දැනගන්න ඕනේ.මොකද අපි Queen කැපුණා කියලා පිස්සු කෙළින්න
ගියොත් වෙන්නේ, නිකම්ම අපි චෙක් මේට් වෙන එක තමයි. එහෙම නැත්නම් King කොටුවන තැනට වැඩ සිද්ද කර ගන්න එක තමයි.ඒත් අපි නම් කියන්නේ Queen කැපුණා කියලා සෙල්ලම ඉවර වෙන්නේ නැහැ කියලයි.ඇයි පෝන්ඩ් කෙනෙක්ට බැරිද ගේම් එක චේන්ජ් කරන්න ? රැක් කෙනෙක්ට බැරිද ගේම් එක චේන්ජ් කරන්න ? බිෂොප්
කෙනෙක්ට බැරිද ගේම් එක චේන්ජ් කරන්න ? ඒත් අපි නම් කියන්නේ එහෙම වෙන්න පුළුවන් කියලයි. 

මාලන් ගෝවින්ද

No comments:

Post a Comment