තම පුතු සමගින් විල් ස්මිත් රඟන ප්‍රථම චිත්‍රපටය
After Earth
Introduction
පසුගිය වසරේදී Men in black
චිත්‍රපටය හරහා අතිශයින් ජනප්‍රියත්වයට පත් විල් ස්මිත්, 2013 වසරේ රඟන ප්‍රථම චිත්‍රපටය After Earth චිත්‍රපටයයි.කෙසේ වෙතත් මෙවර චිත්‍රපටයේ ප්‍රධානතම
විශේෂත්වය වන්නේ විල් ස්මිත්ගේ පුත් ජේඩ්න් ස්මිත් මෙහි ප්‍රධාන රංගන දායකත්වයක්
ලබාදීමයි. ලබන 31 වැනිදා ලෝ පුරා තිරගත වීමට නියමිත After Earth චිත්‍රපටයේ තිර කතාවද විල් ස්මිත්ගෙනි.ඒ අනුව ගැරී විටා සහ එම්.නයිට්
ෂ්යාමලන් තිර රචිත After Earth නිෂ්පාදනය කිරීම සඳහා විල්
ස්මිත්ද දායකව සිටීම තවත් විශේෂත්වයකි.කෙසේ වුවද කොළොම්බියා චිත්‍රපට සමාගමින්
පිදෙන විද්‍යාත්මක ක්‍රියාදාම චිත්‍රපටයක් වන මෙය චිත්‍රපටය අධ්‍යක්ෂණය කර ඇත්තේද
එම්.නයිට් ෂ්යාමලන් විසින්මය.
Synopsis
කතාව සඳහා කාල සමය අමානුෂිකත්වය හමුවේ ලොව ජරාවාස වීම නිසා අනාගතය දැඩි ව්‍යසනයට
මුහුණදෙන යුගයකි.මේ අනුව චිත්‍රපටයේ ප්‍රධාන කතාව දිවෙන්නේ නැවතත් ලෝකය අලංකෘත
කිරීමට වෙහෙසන පිය පුතු දෙපළක් වටාය. එනම් සයිපේර් රෙයිජ් සහ කිටයි රෙයිජ් වටාය.විශේෂයෙන්ම
සංවේදී පියෙකු වන සයිපේර්, ඔවුන්ගේ ලෝකය සාමයෙන් පිරි ස්වභාධර්මයෙන් අලංකාරවත්
ලොවක් බවට පත් කරලීමට වෙහෙස වී කටයුතු කරයි.ඒ සඳහා සංවිධානයක්ද පිහිටුවා ගනියි.
Production
විල් ස්මිත්ගේ සිතට මෙම කතා සංකල්පය පැමිණ ඇත්තේ ඔහු තම මස්සිනා වන කලීබ්
පින්කෙට් සමගින් නැරඹු I Shouldn't Be
Alive රෑපවාහිනි වැඩසටහන අතරතුරදියි.එහෙත් එය විද්‍යාත්මක කතාවක්
නොවේ.එනම් එහි ඇත්තේ පියා සහ පුතා සිය වාහනය ගමන් කරද්දී අනතුරකට පත්ව මීට පෙර
නොදත් ලොවක අතරමං වන කතාවකි.ඒ අනුව පුතා සහ පියා ස්ථාන දෙකක මං මුළාවෙයි.පුතා
දිගින් දිගටම උත්සාහ දරන්නේ පියාගේ රුකවරණය ලබාගැනීමටයි. විල් ස්මිත් මෙහි කතාව
වසර 1000ක් එපිටට ගෙන යාමට අදහස් කර ඇත්තේ මේ අනුවයි. අධික මුදලක් මෙම චිත්‍රපටයට
යට කළ යුතු යැයි ස්මිත් සිතන්නේද මෙවැනි වටපිටාවකයි.එහෙත් තමන්ට මෙම චිත්‍රපටය
තනිවම නිපැයීමට නොහැකි යැයි සිතූ ස්මිත්, මෙම කතා සංකල්පය රුගෙන ඕවර්බුක් චිත්‍රපට
සමාගමේ ගැරී විටා හමු වී ඇති අතර ඔහු එහිදී මෙම කතාව අසා විස්මයට පත්ව ඇත.නමුත් The
Book of Eli චිත්‍රපටයේ තිර රචකයා වන විටා මෙහි තිර පිටපත රචනා
කිරීමට යුහුසුළු වී ඇති අතර තමන් මෙහි පළමු සාමාජිකයා බවට පත්කර ගැනීම පිළිබඳවද
ඔහු අතිශයින් සතුටට පත්ව ඇත.
ඉන් අනතුරැව
ඔවුන් සෙව්වේ මෙහි අධ්‍යක්ෂණය සඳහා සුදුසු අධ්‍යක්ෂවරයෙකි.ඒ අනුව අවසානයේ මේ සඳහා
තෝරා ගැනුණේ එම්.නයිට් ෂ්යාමලන්ය.එහෙත් ඔහුට ඒ මොහොත වන විට මෙහි චිත්‍රපට නාමය
ලෙස පවසා තිබුණේ One Thousand A. E යන්නයි.එහෙත් ඔහු
බෘස් විල්ස්, බ්‍රෑඩ්ලි කූපර් සහ ග්වේන්ත් පෝල්ට්‍රෝ සමගින් කළ නිර්නාමික චිත්‍රපටයක්
ඒ මොහොතේ අසාර්ථක වීම නිසා ඔහු අධෛර්යමත් ගතියකින් පසු විය.කෙසේ නමුත් තුන් මාසයකට
පසු මෙහි වැඩ භාර ගත් මෙහි අධ්‍යක්ෂවරයා, නළු නිළියන් සොයමින් කලක් වෙහෙසට පත්ව
ඇති අතර අවසන විල් ස්මිත් සහ ජේඩ්න් ස්මිත් මේ සඳහා තෝරා ගෙන ඇත්තේ අවසානයේදියි.ඒ
අනුව චිත්‍රපටයේ ප්‍රධාන රෑගත කිරිම් ආරම්භ කෙරැණේ 2011 වසරේ සැප්තැම්බර්
මාසයේදියි. ජනවාරි මස නිමාවට පත් මෙහි රෑගත කිරිම් සිදුකෙරැණේ ඇමෙරිකාවේ
කැලිෆෝනියා ප්‍රාන්තයේයි.
Cast
කිටයි රෙයිජ්
- ජේඩ්න් ස්මිත්
සයිපේර්
රෙයිජ් - විල් ස්මිත්
රේනා - ඉසබෙලා ෆූර්මන්
ෆායියා
රෙයිජ් - සොෆි ඔකොනේඩෝ
Release
දැනට
ෆේස්බුක්, ගූගල් ප්ලස් වැනි සමාජ වෙබ් අඩවි ජාල සඳහා චිත්‍රපට පූර්ව ප්‍රචාරක පටය
නිකුත් කර ඇති After Earth චිත්‍රපටය වෙනුවෙන් ජේඩ්න්
ස්මිත් ඇඳි ඇඳුම පසුගිය වසරේ පෙබරවාරි මස 12 වැනිදා අන්තර්ජාලය හරහා ලෝක වාසීන්ටද
දැක ගැනීමට මුදා හැරියේය.මිනිත්තු 100ක් පුරා ධාවනය වන මෙම චිත්‍රපටය වෙනුවෙන් වැය
කළ සමස්ත පිරිවැය ඇ.ඩො.මිලියන 130කි. එසේම මෙහි චිත්‍රපට කවරය සඳහා යොදා ඇති වැකියද
අපූරැය.එනම් එහි ඇතුළත් වන්නේ Danger is Real; Fear is a choice යන්නයි.
මාලන්
විදානපතිරණ
තරැණයා
හොලිවුඩ්
2013/05/20
No comments:
Post a Comment