සියල්ලෝම නොදැවී පන්දුවට
පහර දෙති
බලහත්කාරකමකට ලක් වූ ශ්‍රී
ලංකා ක්‍රිකට් ගැනයි
මාලන් විදානපතිරණ
GO Magazine
2013 ඔක්තෝබර් කලාපය


එහෙත් ඉන්දීය ප්‍රීමියර් ලීග් තරගාවලිය ක්‍රිකට් ක්‍රීඩාව ආක්‍රමණය කළේය. මේ සමග මෙම තත්ත්වය වෙනස් විණ. සුපිරි නළු ෂාරැක් ඛාන්, රිතික් රෝෂන්,ප්‍රීති සින්ටා,අමීර් ඛාන් වැනි නළු නිළියෝ, ක්‍රිකට් ක්‍රීඩාව වෙනත් ආකාරයට අර්ථ ගැන්වූහ. ක්‍රිකට් චිත්‍රපට රෑගත කිරිමක් තරමට ජනප්‍රිය වූයේ ද වෙනස් වූයේ ද මෙවන් වටපිටාවක් තුළය.

ඒ අනුව මෙවන් පසුබිමක තම රට වෙනුවෙන් කුමාර් සංගක්කාර, කඳුරට මෙරෑන්ස් කණ්ඩායමට එක්වීමට ගත් තීරණය උඩුගං බලා පිහිනීමක් ලෙස බොහෝ දෙනෙක් සළකති.සංගා වීරයෙකු වී ඇත්තේ මේ අනුවයි. ඔහුගේ තීරණය ගැන ඔල්වරසන් හඬින් කතා කරන්නේද එබැවිනි.ඒ ශ්‍රී ලංකා ක්‍රිකට් පිළිබඳව හරිහැටි නොදැනය.මෙහි සැබෑ තතු මෙසේය
අනූ හයේ ලෝක කුසලානය දිනා ගැනීමත් සමග ශ්‍රී ලංකා ක්‍රිකට් වෙත විශාල මුදල් කන්දරාවක් ගලා එන්නට විය. එසේම රුකියා උත්පාදනය ආයතනයක් බවට පත් මෙම ආයතනය, එතැන් පටන් දියාරැ වන්නට පටන් ගත් අතර ක්‍රිකට්වලට ආදරය කළ නිලධාරීන්ගෙන් හිස් වන්නට විණ. එහෙත් එවන් වටපිටාවක දේශපාලන රුකවරණය මධ්‍යෙය් සියලු තනතුරැ වෙනස් වෙද්දී එක් ප්‍රධාන තනතුරක් පමණක් වෙනස් නොවිණ. මේ අරබයා එහි පුපුරා යෑම් කිහිපයක් සිදුවුවද දූෂිතයන් ඒවා මග හරවා ගැනීමට සමත් වූ අතර ඊට අවශ්‍ය දේශපාලන රුකවරණය ද මනාව ලැබිණ.
ඒත් අවසානයේදී ශ්‍රී ලංකා ක්‍රිකට් පාඩු ලබන ආයතනයක් බවට සැඟවිය නොහැකි තත්ත්වයක් උද්ගත විණ. එහෙත් පාඩුවට පත් නිලධාරීන්ට ලැබුණු දඬුවමක්ද නැත. හරෑන් ලෝගාට් දුන් වාර්තාවද යටගොස් ඇත.පාර්ලිමේන්තු මන්ත්‍රී සනත් ජයසූරිය ක්‍රිකට් තේරීම් කමිටුවේ සභාපතිවරයා වූයේ ක්‍රීඩකයන් හා නිලධාරීන් අතර සිදුවිය හැකි මෙම දැඩි ගැටුම සමනය කරනු වස්ය.එය කල්තියා දැන ගැනීමට දේශපාලන නායකත්වයන් සමත් විය. ඒ ජයසූරිය යනු ඉතා මෑතකදී ක්‍රිකට් ක්‍රීඩකයකු ලෙස විශ්‍රාම ගිය බැවින් ජ්‍යේෂ්ඨයන් පිළිබඳ හොඳාකාරවම දන්නා ක්‍රීඩකයා ඔහු වීම නිසාය.ඒ අනුව අවාසනාවන්ත ලෙස දේශපාලනය, ඔහුව මෙහි ඉත්තෙකු බවට පත් කළේය.
ඒ අනුව වක්‍රාකාරයෙන් රට, ජාතිය
වැනි දේශපාලන ගුණ්ඩුවලට යටවෙමින් තම අනාගත ආයෝජනය කැපකිරීමට සංගක්කාරට සිදුවිය.එසේම
පරිපාලනය සහ ක්‍රීඩකයන් අතර පවතින විශ්වාසය තව දුරටත් කඩතොළු විණ.


එහෙත් දැන් චැම්පියන්ස් ලීග්
තරගාවලිය අවසන්ය. තත්ත්වය දැන් තාවකාලිකව සමනය වී ඇත.සියල්ලන්ටම සියල්ල අමතකය. එහි
අරැත නම් කුමාර සංගක්කාර පන්දුවට පහර දුන්නේය.ඔහු මුදල් නමැති පන්දුව නිදැල්ලේ
හැරියේය.ඒ සංගා තව වැඩි කාලයක් ක්‍රිකට් ක්‍රීඩාවේ නොසිටින නිසාය.(මේ තත්ත්වයේද්
සෙසු ජ්‍යෙෂ්ඨයන් වුවද කරන්නේ සංගා අනුකරණය කිරීමයි.)
මේ අනුව උපනායක දිනේෂ් චන්දිමාල් වෙත පන්දුව යොමු වෙයි.ඒ ඔහු කඩුලු රකින්නා බැවිනි. ඔහු පන්දුව පළමු ස්ලිප්හි සිටින නායක ඇන්ජලෝ මැතිව්ස්ට පාස් කරයි
දැන් මැතිව්ස් පන්දුව පාස් කිරීමට
නොහැකිව ළතවෙයි.එනම් ඔහු බලා සිටින්නේ මීළඟ නායකයා පැමිණෙන තුරැය.පැමිණි සැණින්
මැතිව්ස් පන්දුව ඔහු වෙත භාර දෙන්නේ එක්කෝ රට, එක්කෝ මුදල් යන අපූරැ සටන් පාඨය
යොදා ගනිමිනි.එය උගැන්වූයේ ක්‍රිකට් පරිපාලකයන් විසිනි.මුදල් පිළිබඳ ප්‍රශ්න
කිරීමට ක්‍රීඩකයන්ට අවස්ථාවක් නොමැති වනු ඇත. ඒ ආදර්ශය ලබාදුන්නේ සංගක්කාර
නිසාවෙනි.මේ අනුව දිගින් දිගටම එකම ක්‍රිකට් පරිපාලකයන් කඩුල්ලේ රුඳී සිටිනු ඇත.ෆුල්ටොස්
පන්දු යවමින් පරිපාලකයන්ට හයේ පහරවල් එල්ල කිරිමට ඉඩදීමට ක්‍රීඩකයන්ට සිදුවනු ඇත.
එසේම එවන් පරිපාලකයන් දෙස කඩුලු දවා නොගෙන බලා සිටීමට ක්‍රීඩකයන්ට සිදුවනු ඇත.රට
වෙනුවෙන් සොච්චම් වැටුපකට ක්‍රීඩා කිරීමට ඉදිරියේදී සිදුවනු ඇත.තත්ත්වය වෙනස් කිරීමට
උත්සාහ ගන්නා රුඩිකල් ක්‍රීඩකයකු යෝකර් පන්දුවක් එවූ විට පන්දුව මැනවින් සංගක්කාර
වෙත ස්ථානගත කිරිමට මෙයින් භාග්‍ය උදාවනු ඇත.සියල්ලෝ නොදැවී පන්දුවට පහර දෙනු ඇත.
මේ අනුව උපනායක දිනේෂ් චන්දිමාල් වෙත පන්දුව යොමු වෙයි.ඒ ඔහු කඩුලු රකින්නා බැවිනි. ඔහු පන්දුව පළමු ස්ලිප්හි සිටින නායක ඇන්ජලෝ මැතිව්ස්ට පාස් කරයි


No comments:
Post a Comment