Wednesday, October 23, 2013

ලොව ප්‍රථම කළු ජාතික සටන් සිනමා තරුව ජිම් කෙලී ගැනයි



ලොව ප්‍රථම කළු ජාතික සටන් සිනමා තරැව
පසුගිය 29 වැනිදා මෙලොව හැර ගිය ජිම් කෙලී ගැනයි  

මාලන් විදානපතිරණ

ලොව බිහි වූ ප්‍රථම කළු ජාතික සටන් සිනමා තරැව වන ජිම් කෙලී පසුගිය 29 වැනිදා මෙලොව හැර ගියේය.1973 වසරේ තිරගත වූ Enter the Dragon චිත්‍රපටයේ විලියම්ස් ලෙසින් බෘස් ලී සමගින් සුපිරි රංගනයක නිරත වෙමින් පළමුවරට ප්‍රේක්ෂකයන්ගේ කතාබහට ලක්වූ මෙම සටන් නළුවා,හැත්තෑව දශකය මුල සිටි ජනප්‍රිය සිනමා නළුවෙකි. එසේම දක්ෂ ඇමෙරිකානු මලල ක්‍රීඩකයෙකි.මේ දැක්වෙන්නේ මිය යන විට 67 වැනි වියේ පසු වූ the Dragon හෙවත් කෙලී පිළිබඳ තබනා කෙටි සටහනකි.

1946 මැයි මස 05 වැනිදා ඇමෙරිකාවේ කෙන්ටකි නගරයේ මිලර්ස්බර්ග් හි උපන් කෙලී,කුඩා කාලයේ පටන් මලල ක්‍රීඩාව කෙරේ වැඩි උනන්දුවක් දැක්වූවෙකි. ඒ අනුව පාසැලේදී බාස්කට්බෝල්,පාපන්දු, ජවන හා පිටිය ඉසව් සඳහා සහභාගි වූ ඔහු ,ලොව්ස්විල් විශ්ව විද්‍යාලයේදී පාපන්දු ක්‍රිඩාවට ප්‍රමුඛතාවයක් ලබා දුන්නේය.කෙසේ නමුත් විශ්වවිද්‍යාල ජීවිතයට සමුදෙත්ම පාපන්දු ක්‍රීඩාවද ඔහු වෙතින් සමුගත් අතර ෂෝරින්-රියු නම් කරාටේ වර්ගය ඉගෙනීමට ඔහු පටන් ගත්තේ මේ කාලයේදීයි. ඒ අනුව කෙලී, විවිධ ගුරැවරැන් යටතේ ඔකිනාවා කරාටේ පුහුණුවේ යෙදුණු අතර මේ අතරින් පාකර් ෂෙල්ටන් සහ ගෝඩ්න් ඩෝවසෝලා කෙලීගේ සටන් කලාව ප්‍රගුණ කිරීමට දැඩි ලෙස බලපෑවේය. එය කෙසේද යත් හැත්තෑව දශකයේදී කෙලී ලෝක කරාටේ ශූරතාවලි කිහිපයකදීම ලෝක ශූරයා බවට පත් වූ අතර 1971 වසරේදී පමණක් කරාටේ ශූරතා හතරක් දිනා ගැනීමට ඔහු සමත් වූයේය. ඒ මැද බර පන්තිය යටතේයි.ඒ අතරින් ඔහු දිනා ගත් ලෝන්ග් බීච් ජාත්‍යන්තර කරාටේ ශූරතාව සුවිශේෂයි.  
මේ අනුව ඔහුගේ සිනමා ආගමනය අහම්බයක් කීවද වරදක් නැත.ඒ ඔහු විසින් පසුකාලීනව ආරම්භ කරන ලද කරාටේ පාසැලට හොලිවුඩ් නළු කැල්වින් ලොක්හාට් පැමිණීම නිසාවෙනි.ඒ මෙලින්ඩා සටන් ජවනිකා චිත්‍රපටයකට කරාටේ ඉගෙන ගැනීම සඳහා කැල්වින් ලොක්හාට්, කෙලීගේ පාසැල් වෙත පැමිණීම නිසාවෙනි. එහෙත් එම චිත්‍රපටයේ වැඩ කටයුතු නිමවූයේ ජිම් කෙලීට ද මෙම චිත්‍රපටයේ කරාටේ ගුරැවරයෙකුගේ චරිතය නිරෑපණය කිරීමට අවස්ථාව සලසා දෙමිනි.
කෙලී සිනමා තරැවක් බවට පත් වූ Enter the Dragon චිත්‍රපටය පැමි‍ණෙන්නේ මින්පසුවයි.එහෙත් මෙම චිත්‍රපටයේ චරිතය ලියැවී තිබුණේ ජිම් කෙලීට නොවේ. හොලිවුඩ් නළු රොක්නේ ටර්කින්ග්ටන්ටයි.එහෙත් Enter the Dragon චිත්‍රපටයේ රෑගතකිරීම් කාලයේදී ඔහුට හොංකොංවල රෑගත කිරීමක් යෙදී තිබුණු බැවින් අවසන් මොහොතේ රොක්නේට මෙම චිත්‍රපටයෙන් ඉවත් වීමට සිදුවිය.එබැවින් ඒ මොහොතේ සිට චිත්‍රපටයේ නිෂ්පාදක ෆ්‍රෙඩ් වෙයින්ට්‍රවුබ් ගෙවා ඇත්තේ නොනිඳා පහන් කළ රාත්‍රීයකි. ජිම් කෙලීගේ කරාටේ පාසැල (Karate Studio) පිළිබඳ තොරතුරැ ෆ්‍රෙඩ්ගේ කණ වැකුණේ මේ මොහොතේයි.මේ අනුව ලොස් ඇන්ජලීස්හි ක්‍රෙන්ෂෝ දිස්ත්‍රික්කයේ පිහිටි එම කරාටේ පාසැල වෙත ගිය Enter the Dragon නිෂ්පාදකවරයා හැකි ඉක්මනින් මේ පිළිබඳ කෙලී සමග සාකච්ඡා කර ඇති අතර ඉතා ඉක්මනින් ඔහුව මෙම චරිතය සඳහා කැමැති කරවා ගැනීමට සමත් වී ඇත.
නගරය අභ්‍යන්තරයේ කරාටේ ගුරැවරයකු ලෙස සේවය කරන විලියම්ස්, ඇමෙරිකානු පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ලබයි.ජිම් කෙලී නිරෑපණය කළ විලියම්ස් මේ අනුව ඇතිවන තත්ත්වයක් වටා ගෙතෙන්නකි.

ඉන් අනතුරැව මෙවැනි blaxploitation තේමා රුගත් සටන් චිත්‍රපටවල රඟපෑ කෙලී සෑම විටම නවතාවයකින් යුතු චරිතයක් ලැබීමට තරම් වාසනාවන්ත විය.මේ අතරින් මෙලින්ඩා සහ බ්ලැක් බෙල්ට් ජෝන්ස් යන චිත්‍රපට සුවිශේෂ වේ.

වෝනර් බ්‍රදර්ස් චිත්‍රපට සමාගමේ කොන්ත්‍රාත්තු යටතේ චිත්‍රපට තුනක රඟපෑ ජිම් කෙලී Three the Hard Way* චිත්‍රපටයේ රඟපෑවේ ජිම් බ්‍රවුන් සහ ෆ්‍රෙඩ් විලියම්සන් සමගයි.ඉන් අනතුරැව නැවතත් 1975 වසරේදී තායිලන්තයේ රෑගතකිරිම් පැවැති Hot Potato චිත්‍රපටයට සම්බන්ධ වූයේ වෝනර් බ්‍රදර්ස් චිත්‍රපට සමාගම පැවැති ගනුදෙනුව අවසන් කරමිනි. එම චිත්‍රපටයේදී ඔහුගේ පෙළට අයත් වූයේ තායිලන්ත කැලෑවක සිටින රාජ්‍යතාන්ත්‍රික දියණියක රුකගැනිමයි.

ඉන් අනතුරැව බොහෝ විට අඩු පිරිවැයකින් නිෂ්පාදනය වූ (low-budget) Black Samurai, Death Dimension සහ Tattoo Connection යන චිත්‍රපටවලට සම්බන්ධ වූ අතර 1982 වසරේ තිරගත වූ One Down and Two to Go චිත්‍රපටයෙන් පසු කෙලී චිත්‍රපටයකට සහභාගි වූයේ කලාතුරකිනි. 

2004 වසරේදී ඇමෙරිකානු බාස්කට්බෝල් තරැවක් වන ලේබ්‍රොන් ජේම්ස් සමගින් "Chamber of Fear" නම් බෘස් ලීට සම්බන්ධ වෙළඳ දැන්වීමකට සම්බන්ධ වුවද ඔහු වරක් නොව කිහිපවරක්ම ප්‍රකාශ කර සිටියේ ලොව බිහි වූ හොඳම සටන් නළුවා බෘස් ලී බවත් ඔහු තවමත් ජීවතුන් අතර සිටින බවත්ය.

2009 වසරේදී දකුණු කැලිෆෝනියාවේ වෘත්තිය මට්ටමේ ටෙනිස් පුහුණුකරැවකු ලෙස සේවය කළ කෙලී, අවසන් හුස්ම හෙළන තුරැම සෑන් ඩියාගෝහි ජනප්‍රිය ටෙනිස් පුහුණුකරැවකු ලෙස ද නමක් දිනාගෙන සිටියේය.

2013/07/03
අද පුවත්පත

No comments:

Post a Comment