නාට්‍ය කලාවෙන් වියුක්ත
කළ නොහැකි විශ්වවිද්‍යාල නාට්‍ය කලාව
වසර පණහක් ඉක්ම ගියද අදටත් රට
වටා අති සාර්ථකව වේදිකාගත වන විශිෂ්ටතම නාට්‍යය මනමේ නාට්‍යය බව අතිශයෝක්තියක්
නොවේ. සර්ව සම්පූර්ණ නාට්‍ය කලාවක සලකුණ සනිටුහන් කරන මනමේ, නාට්‍ය කලාව තුළ
පැවැති දියාරැ ස්වභාවය මග හරිමින් එය වේදිකාව කෙරේ ලබාගන්නට සමත් වූ නාට්‍ය නිර්මාණයකි. එසේම ඒ හා සබැඳි පසුබිම්
කතාවද අපූරැය. විශේෂයෙන්ම විශ්ව විද්‍යාල නාට්‍ය කලාව හරහා අදාළ විප්ලවීය වෙනසට පය
තැබූ මහාචාර්ය එදිරිවීර සරච්චන්ද්‍රයන්, ශ්‍රී ලාංකීය නාට්‍ය කලාව හා විශ්ව විද්‍යාල
නාට්‍ය කලාව එකිනෙකට වියුක්ත කළ නොහැකි තත්ත්වයකට පත් කළ අතර අදටත් දැවැන්ත නාට්‍ය
ශිල්පීන් ප්‍රමාණයක් නාට්‍ය ක්ෂේත්‍රයට
දායාද වන්නේ එබැවිනි. එසේ නම් එවන් විශ්ව විද්‍යාල නාට්‍ය කලාවක ඓතිහාසික පසුබිම
කවරේද? විශ්ව විද්‍යාල නාට්‍ය කලාව, අධ්‍යයතන නාට්‍ය කලාව හා මුහු වන්නේ කෙසේ ද ?
මේ සටහන තැබෙන්නේ ඒ පිළිබඳවයි.
ශ්‍රී ලාංකේය නාට්‍ය කලාවේ
ඓතිහාසික පසුබිම දහ අට සන්නිය,කොහොඹා යක්කංකාරිය, සොකරි, කෝළම්, නාඩගම් ආදී සිංහල
ගැමි නාටක දක්වා විහිදී යයි. එසේම ඉන් බිඳී ආ නූර්ති, ටවර්හෝල්,මිනර්වා දක්වාද විසිරී පැතිරී යන්නේ ශ්‍රී ලංකාව යටත් විජිත
රාජ්‍යයක් වීමත් සමග නොයෙකුත් වෙනස්වීම්වලට භාජනය වී හෙයිනි. එහෙත් අපට මේ කිසිදු
ගැමි නාටකයදී සර්ව සම්පූර්ණ වේදිකා නාට්‍ය කලාවක ලක්ෂණ දැක ගත නොහැකි විය. ඒ අනුව
මෙහි අක් මුල් සොයා යන අපට, එවන් ඓතිහාසික සාධක හමුවෙන්නේ මහාචාර්ය එදිරිවීර සරච්චන්ද්‍රයන්ගේ
මනමේ නාට්‍යය තුළින්මය.
එනම් ශ්‍රී ලංකාව තුළ සිංහල
නාට්‍ය කලාවක් නිර්මාණය කිරීමට යත්න දරමින් සරච්චන්ද්‍රයන් කළ පර්යේෂණය ඇතුළත්
සිංහල ගැමි නාටකයට දාව උපන් පළමු දරැවා මනමේ නාට්‍යයයි. කලක් කොළඹ විශ්ව විද්‍යාලයේ
සිංහල හා පාලි අංශයේ මහාචාර්යවරයෙකු ලෙස කටයුතු කළ මහාචාර්ය එදිරිවීර සරච්චන්ද්‍රයන්,
පසුව පේරාදෙණිය විශ්ව විද්‍යාලය සිය තිඹිරිගෙය කර ගනිමින් බිහි කළ මනමේ සඳහා දායක
වූයේ පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ එවක සිටි සිසු සිසුවියන්ය.
කෙසේ නමුත් සදාතනික අරගලයක යෙදෙන පිය - පුතු හැල හැප්පීම්
විස්තර කෙරෙන සිංහබාහු අති විශිෂ්ට නිර්මාණයකි. එසේම බෞද්ධ සාහිත්‍යයේ එන
වෙස්සන්තර,පෙමතෝ ජායතී සෝකෝ, රත්තරන්, ලෝමහංස, භවකඩතුරාව,මහාසාර,කදා වළලු ආදී
බෞද්ධ සාහිත්‍යයට ආශ්‍රීත නාට්‍යයද, රත්තරන්,කිරි මුට්ටිය ගඟේ ගියා ආදියද ප්‍රශංසනීයය
නාට්‍ය කෘති ලෙස අදත් විටෙන් විට වේදිකාගත වේ.
එහෙත් මේ සියලු නාට්‍ය සඳහා
පළමු පියවර තැබුවේ මහාචාර්ය එදිරිවීර සරච්චන්ද්‍ර එළිමහන් රංග පීඨයේදී සහ ඒවාට
සම්බන්ධ මුල් ශිල්පීන් බොහොමයක් එකල විශ්ව විද්‍යාලයීය විද්‍යාර්ථයින් වීම තුළින්ම
එකල විශ්ව විද්‍යාල නාට්‍ය කලාව කොතරම් ප්‍රබලව පැවතුණේද යන්නට කදිම සාක්ෂියකි. එනම්
පේරාදෙණිය විශ්ව විද්‍යාලය හරහා සරච්චන්ද්‍රයන් කළ පෙරළිය තුළින් වඩාත් ඔප මට්ටම්
වූයේ විශ්ව විද්‍යාලයීය නාට්‍ය කලාවයි. ඒ මනමේ, සිංහබාහු වැනි නිර්මාණ හරහා විශ්ව
විද්‍යාලය හරහා ජනගත වන නිර්මාණ කෙරේ ප්‍රේක්ෂකයන්ගේ ප්‍රසාදයක් ඇතිකරලීමට
සරච්චන්ද්‍රයන් සමත්කම් පෑ නිසයි. පේරාදෙණිය විශ්ව විද්‍යාලය තුළම සරච්චන්ද්‍රයන්
ප්‍රමුඛ කර ගත් ගුරැ කුලයක් බිහිවූයේද එහි ද්වීතියික ප්‍රතිඵලයක් ලෙසයි.ඒ අනුව
සරච්චන්ද්‍රයන්ගේ එම ගුරැකුලය හරහා බිහි වූ අවසන් පුරැක ලෙස ජයලත් මනෝරත්න හඳුන්වා
දිය හැකියි.එබැවින් ඔහු පේරාදෙණිය විශ්ව විද්‍යාලයෙන් බිහි වූ, නූතන වේදිකාවේ
සිටින පතාක යෝධයා බව නොකිවමනාය.
කෙසේ වෙතත් එතුමාගේ සාර්ථකත්වය
පිළිබඳව විශ්ලේෂණය කරනා බොහෝ විචාරකයන් පවසන්නේ සරච්චන්ද්‍රයන්ගේ බොහෝ කෘති සිංහල
ජනප්‍රවාදයන්හි අනුවාදයන් වීම ඔහුගේ කාර්යයට ක්ෂණික හා ස්ථිර සාර ජන ප්‍රසාදයක් ලැබීමට
සෘජුවම බලපෑ බවයි.
මේ අනුව පේරාදෙණියේ ඇති වූ
විශ්ව විද්‍යාල නාට්‍ය කලාවෙන් උත්තේජනයට පත් සමකාලීන නාට්‍යකරැවන් ලෙස හෙන්රි
ජයසේන හුණූවටයේ කතාව, කුවේණි,ජනේලය,දිරිය මව සහ ඇගේ දරැවා,මකරා,අහස් මාළිඟා, අපට
පුතේ මගක් නැතේ, තවත් උදෑසනක් ආදී නාට්‍යත්,
ගුණසේන ගලප්පත්ති විසින් මූදු පුත්තු ආදී නාට්‍යත්, දයානන්ද ගුණවර්ධන
විසින් නරි බෑනා, ජසයා හා ලෙංචිනා, ගජමන් පුවත,ආනන්ද ජවනිකා, මධුර ජවනිකා ආදී නාට්‍යයත්
ශ්‍රී ලාංකීය නාට්‍ය කලාවට දායාද කිරීමට සමත්
වූ අතර එදා සරච්චන්ද්‍රයන් කළ විප්ලවීය වෙනස නොවන්නට ශ්‍රී ලාංකේය නාට්‍ය
කලාවට කුමක් වේවිද යන්න ගැටලුසහගත වන්නේ මෙබැවිනි.
එසේම සරච්චන්ද්‍රයන් නිමැවූ
මෙම පදනම පසුකාලීනව ශ්‍රී ලාංකීය නාට්‍ය කලාවට අභූතරෑපී සම්ප්‍රදාය අනුගත කළ
සොඳුරැ ආඥාදායකයා හෙවත් සුගතපාලද සිල්වාගේ ගොඩෝ එනකං,මරාසාද් මෙන්ම හරිම බඩු
හයක්,දුන්න දුනුගමුවේ,බෝඩිංකාරයෝ ආදී නාට්‍ය සඳහාත් ඉතා තදින් බලපෑවේය.
එසේම වත්මන් උසස් පෙළ නාට්‍ය
හා රංග කලාවට ඇතුළත් කර ඇති සයිමන් නවගත්තේගමගේ සුභ සහ යස මෙන්ම ඔහුගේ පුස්ලෝඩං,ගංගාවක්,සපත්තු
කබලක් සහ මරණයක් වැනි නාට්‍ය නිර්මාණ සඳහාත් , ඉන් අනතුරැව බිහි වූ ධර්මසිරි
බණ්ඩාරනායකගේ මකරාක්ෂයා,ට්‍රෝජන් කාන්තාවෝ, ඒකාධිපති, ලූෂන් බුලත්සිංහලගේ තාරාවෝ
ඉගිලෙති,රතු හැට්ටකාරී ආදී නාට්‍ය සඳහාත්, ධම්ම ජාගොඩගේ සකලජන,වෙස්මුහුණු ආදී නාට්‍ය
සඳහාත්, පරාක්‍රම නිරිඇල්ලගේ මැටි කරත්තය,සෙක්කුව වැනි නාට්‍ය සඳහාත්, ජයලත්
මනෝරත්නගේ තලමල පිපිලා,පුත්‍ර සමාගම, මහ ගිරි දඹ,අන්දරේලා,ගුරැ තරැව, බූරැවා
මහත්තයා,සුදු රෙදි හොරැ වැනි නාට්‍ය සඳහාත් මෙම පදනම ඉතා තදින් බලපෑවේය.
ඒ අනුව නාට්‍ය කලාව පෝෂණය කරනු
වස් එදා සිටම විශ්ව විද්‍යාල නාට්‍ය කලාව තුළින් විශාල වගකීම් කොටසක් ඉටුකර ඇති
අතර අදටත්
පේරාදෙණිය,කැළණිය,කොළඹ,ජයවර්ධනපුර,සෞන්දර්ය ආදී විශ්ව විද්‍යාල හරහා විවිධ
කෙටි නාට්‍ය උලෙළ සංවිධානය කරමින්ද, නාට්‍ය උලෙළ සංවිධානය කරමින්ද, අන්තර් විශ්ව
විද්‍යාල කලා උලෙළවල් සංවිධානය කරමින්ද,යොවුන් නාට්‍ය උලෙළ සඳහා ශිල්පීන් පුහුණු
කරවමින්ද දැවැන්ත වැඩ කොටසක් ඉටු කරමින් සිටී.
මාලන් විදානපතිරණ
No comments:
Post a Comment