දෙමළ ජනතාව සහ දෙමළ දේශපාලකයෝ
කියන්නේ කොටස් දෙකක්
-
ප්‍රවීණ දෙමළ
භාෂා පරිවර්තක උපාලි ලීලාරත්න
සටහන හා ඡායාරෑප - මාලන්
විදානපතිරණ
උතුරැ - නැගෙනහිර කලාපයේ සමහර
දෙමළ කණ්ඩායම් විසින් ඇතිකරන ලද විනාශකාරී අරගලය, අපේ රටේ ආර්ථිකයට පමණක් නොව
සාමකාමී ජන සමාජයටද ඇති කළ හානිය අතිමහත්ය.තවමත් මේ තත්ත්වය සමනය වී නොමැත. එහි ප්‍රතිඵලයක්
ලෙස පශ්චාත් යුද සමයේ ආදීනව විඳින අප දහ තුන්වැනි සංශෝධනය හමුවේ තව තවත් අසරණ වී
ඇත.සැප්තැම්බර් මස පැවැත්වෙන මැතිවරණයේදී උතුරේ පවත්වන මැතිවරණය ඉතා තීරණාත්මක වී
ඇත්තේ මෙවැනි පසුබිමක් තුළය. එනම් එය දැන් ලංකාවට පමණක් නොව ඉන්දියාව ප්‍රමුඛ
ආසියානු කලාපයටම මහා හිසරදයක් වී ඇත.කෙසේ වෙතත් උතුරේ දෙමළ අරගලය අළලා විවිධ මත
දරමින් මේ මොහොතේදීත් විවිධ පොත් සිංහල සාහිත්‍යයට එකතු වේ.ඒ අතර දෙමළ තරැණ තරැණියන්
දේශප්‍රේමීන් ලෙස හඳුන්වමින්ද, දෙමළ තරැණ තරැණියන් ත්‍රස්තවාදීන් හෝ බෙදුම්වාදීන්
ලෙස හඳුන්වමින්ද ලියූ කෘතිද වේ.
මේ අනුව යට කී දේශපාලන කතාව
වෙනස් ඇසකින් දුටු, ඒ පිළිබඳව යුද සමයේදීම “හිරැ උදාවේ සාපය(බෙදුම්වාදී අරගලයේ
ඇතුළු පැත්ත)* නමින් කෘතියක්ද සම්පාදනය කළ සාහිත්‍යයධරයෙකු සමගින් මෙම දහතුන්වැනි
සංශෝධනය, බෙදුම්වාදය,අන්තවාදය සම්බන්ධයෙන් යම් සාකච්ඡාවක යෙදීමට අපි අදහස් කළෙමු. ඔහු
උපාලි ලීලාරත්නයි.මෙරට සිටින අතළොස්සක් වූ දෙමළ පරිවර්තකයන් අතරින් කෙනෙකු වන
උපාලි ලීලාරත්න, දෙමළ සංස්කෘතිය සම්බන්ධයෙන් ප්‍රාමාණික දැනුමක් ඇත්තෙකි. ඔවුන්
සමග පමණක් නොව මුස්ලිම් ජනයා සමගද නිරන්තරයෙන් ගනුදෙනු කරන්නෙකි. දෙමළ පරිවර්තන
කෘති විශාල සංඛ්‍යාවක් සිංහල සාහිත්‍යයට දායාද කළ ඔහු කළ පරිවර්තන අතරින්
පූලාන්දේවී(1,2) අතිශයින් ජනප්‍රිය විය. ඊට අමතරව පෙරදා පෑයූ සඳ,සිහින සැබෑ වේවා,ගල්
අඟුරැ,ඉරණම ඇඳි මාවතේ, මිනිස් බෝම්බය සහ වේදනාව(කෙටිකතා),සඳ සිසිල, යට ගිය දා
මිනිස්සු(කෙටිකතා) එලෙසින්ම ජනප්‍රිය විය.
“ මම උපන්නේ අහංගම.ඒ කියන්නේ දකුණු පළාතේ. ඒත්
තාත්තාගේ රුකියාව නිසා පොඩිකාලේම මට තලවාකැලේට යන්න සිදුවුණා.ඒ කියන්නේ මට අවුරැදු
එකහමාරක් තරම් කුඩා කාලේ ඉඳන් ජිවත්වුණේ කඳුකරයේ. මගේ වයසම නසීර්,අනික් පැත්තේ ගෙදර
සිටි ත්‍යාගාරාජා තමයි මගේ හොඳම යාළුවෝ.ඊට අමතරව ක්‍රිස්තියානි,මලයාලම් ආදී විවිධ
ජාති ආගම්වල මිනිස්සු එක්ක අපි ජීවත් වුණා. ඒ නිසා දෙමළ භාෂාව,දෙමළ සංස්කෘතිය මට
අමුත්තක් වුණේ නැහැ. මුස්ලිම් සංස්කෘතියත් එහෙමමයි. ඒ නිසා ඉබේම මගේ දෙමළ භාෂා
හැකියාව වැඩි දියුණු වුණා.ඒත් මෙහි වැදගත්කම මට දැනුණේ කොළඹ ආවාට පස්සේයි.ඒ අනුව
පොත්පත් කියවීමෙන් මම මගේ පරිවර්තන හැකියාව වැඩිදියුණු කර ගත්තා.ඒ නිසා ඉංග්‍රීසි
භාෂාව උගෙනීමට පෙර අපේ මිනිස්සුන්ගේ සිතුම් පැතුම් හඳුනාගැනීමට දෙමළ භාෂාව
උගෙනීමයි වඩා වැදගත්වෙන්නේ. ඒත් වත්මන් අධ්‍යාපන ක්‍රමය තුළ ළමයා දෙමළ ඉගෙන ගන්නේ
ප්‍රගති වාර්තා පොතට ලකුණු කිහිපයක් එකතු කර ගන්න පමණයි.ඒ නිසා රජය මගින් දෙමළ
භාෂාව ජනතාවට උගෙනීමට කළ ව්‍යාපෘතිවලින් පවා ප්‍රතිඵලයක් වුණාද යන්න සැකයක්.“
ලීලාරත්න සිය හඬ අවදි කළේ එසේයි.
තිස් වසරක යුද්ධයක් නිමා කළ ශ්‍රී
ලංකාව නැවතත් නැගී සිටීමේ උත්සාහයක නිරත වන බවත් ඒත් අන්තවාදීන් නැවතත් රට ආපස්සට
ගෙන යාමේ මෙහෙයුම් දිගින් දිගටම දියත් කරන බවත් පැවසෙනවා. ඔබ කොහොමද මෙය දකින්නේ ?
දැන් ඔබ කියනා අන්තවාදීන්
පිරිස් ශීඝ්‍රයෙන් අඩුවෙලා. එවැනි යුගයකයි අපි ජීවත්වෙන්නේ. ඒ වගේම ඔවුන්ගේ ප්‍රතිපත්ති,
ක්‍රියාකාරකම් පවා දැන් පොදු මහජනයා අනුමත කරන්නේ නැහැ. ඒක පොදු කාරණාවක්.හැබැයි
අන්තවාදීන් නිකම්ම ඇතිවුණේත් නැහැ. ඔවුන්ව දේශපාලකයන් නිර්මාණය කළ පිරිසක්.ඉතින්
ආර්ථික ප්‍රශ්න හමුවේ ඔවුනුත් ඒවාට මැදිවෙනවා.විශේෂයෙන්ම කාලාන්තරයක් තිස්සේ පවතින
නිසි අධ්‍යාපන ප්‍රතිපත්තියක් නැතිකමත් මීට බලපෑවා.ඒ වගේම මේ මොහොතේදිත් එය
බලපාමින් පවතිනවා. අද හොඳ මොළයක් තිබෙන පිරිස් වෙනුවට කර්මාන්තශාලාවකට අවශ්‍ය කරන
ඇණ,මුරැච්චි පමණක් බිහිවී තිබෙන්නේ මේ නිසයි.ඒ හින්දා අධ්‍යාපන ක්‍රමය මඟින්
අවිචාරශීලී ජනතාවක් ඇතිවුණාට වඩා ඇති කළා කියලායි මට හිතෙන්නේ. ඒක ළඟ එන
මැතිවරණයේදී හොඳින්ම පෙනේවි.
එසේ නම් ඔබ කියන්නේ දහතුන්වැනි සංශෝධනය ජනතාවට
අදාළ නොවේය කියාද ?.
දෙමළ ජනතාව සහ දෙමළ දේශපාලකයෝ
කියන්නේ කොටස් දෙකක්. දේශපාලකයෝ තමයි තමන්ගේ බලය තහවුරැ කර ගැනීමට මිනිසුන්ව
ජාති,ආගම්වලට වෙන්කර ගන්නේ. ඔවුන්ට ජාතිවාද, ආගම්වාද ආදි විෂබීජ කවන්නේත් ඔවුන්. ඒත්
ඇත්තටම බැලුවොත් උතුරේ ජීවත් වන දෙමළ ජනතාවට දහතුන් වැනි සංශෝධනය පිළිබඳ වගක්වත්
නැහැ.ඔවුන් තමන්ගේ දේවල් කරගෙන සිටිනවා.මගේ දෙමළ සහෘදයන් පවා,ඇතැම් උගතුන් පවා
තමන්ගේ ළමයින් උගැන්වීමට පිටරට යවන්න තමයි උත්සාහ කරන්නේ. ඒකයි අලුත්ම තත්ත්වය.
ඒත් ඔතන ප්‍රශ්නේ තිබෙන්නේ ඉඩම් බලතල සමග දෙමළ ජනතාවගේ තේසවලාමේ නීතිය
ගැටීමයි.මොකද මේ නීතියට අනුව ඔවුන්ගේ ඉඩම් තමන්ගේ ජාතියේ කෙනෙකුට හැරෙන්නට වෙනත්
ජාතිකයකුට විකුණන්න තහනම්. ඒක දිගු ඉතිහාසයක් තිබෙන නීතියක්.ඒ නිසායි ඔවුන්
නීතිගරැක පැත්තෙන් මේ නීතිය රකින්න උත්සාහ කරන්නේ.
කොහොම වුණත් පිටරට ගිය දෙමළ
සහෘදයන් නම් නැවතත් කැමැතියි තමන්ගේ මව්රටට එන්න.ඒ පිටරටවල සිටීමෙන් තමන්ගේ
සංස්කෘතිය අහිමි වේවිය කියලා බියකුත් ඔවුන්ට තිබෙන හින්දයි. මොකද ඔවුන් ඩයස්පෝරාවට
අයිති නැහැ. ඒත් යම් යම් අවස්ථාවලදී ජීවත්වීම සඳහා ඒ රටේදී ඔවුන්ටත් යම් යම් තීරණ
ගන්න වෙනවා. ඒක තමයි සමහරැ උලුප්පා දක්වන්නේ.
අනික ඉස්සර වතුකරයේ තිබුණේ එක්
පක්ෂයක් පමණයි.ඒ ලංකා ජාතික කම්කරැ කොංග්‍රසය පමණයි. ඒත් අද කීයක් තියෙනවද ? ඒ
කියන්නේ බල තණ්හාව වැඩිවෙලා. ඒ වගේම තමන්ගේ දේශපාලන අරමුණු වෙනුවෙන් දෙමළ
මිනිසුන්ව කොටස්වලට බෙදාගැනීමත් වැඩිවෙලා.ඒ නිසා අද සිදුවෙන්නේ දෙමළ මිනිසුන්ගේ ප්‍රශ්න
යට යෑමක් මිසෙක ඔවුන්ගේ ප්‍රශ්න විසඳීමක් නෙමෙයි.හැබැයි දෙමළ ජනතාවට ඕනෑ කරන්නේ
සතුටින් ජිවත් වෙන්නයි.නැතුව රට බෙදාගන්න නෙමෙයි. රාජ්‍ය පරිපාලනයේදී ඔවුන්ට භාෂාව
නිසා යම් අපහසුතා පැන නගිනවා තමයි.ඒත් ඒවා විසඳාගත හැකි ප්‍රශ්න. ඒ නිසා ඒවාට නිසි
රාජ්‍ය මැදිහත්වීමක් තමයි අවශ්‍ය වෙන්නේ.අනික තමිල්නාඩුවේදී ස්වාමීන් වහන්සේ නමකට
පහර දීම පිටුපස තිබෙන්නේත්,බුද්ධ ගයාවට පහර දීම පිටුපස තිබෙන්නේත් මොකක්ද කියලා
අපිට ඒක නිවැරදි ලෙස විග්‍රහ කර ගත්තොත් පේනවා.එතැන තිබෙන්නේ දේශපාලන ප්‍රශ්නයක්. එහෙම
නැතුව බුදුන් වහන්සේ උපන් දේශයේ මෙවැනි දේ සිදුවෙන්නේ නැහැ. එල්.ටී.ටී.ඊ. ප්‍රශ්නය
වුණත් නිර්මාණය කළේ දේශපාලඥයන්.අනික ඒ කාලේ දෙමළ මිනිස්සු සහ සිංහල මිනිස්සු ජීවත්
වුණේ එක පවුලක් වගෙයි.ඒ නිසා ඒ කාලේ සිංහල මිනිසුන් යාපනයට ඇවිත් බේකරි කර්මාන්ත
ශාලා පවා කරගෙන ගියා.දෙමළ වෛද්‍යවරැන් ආදී විවිධ රාජ්‍ය සේවකයන් දකුණේත් සේවය
කළා.මේවා නැති කළේ බලලෝභී දේශපාලඥයන්.
එසේ නම් මෙසේ ජනතාවගේ ප්‍රශ්න
යට ගහන මෙම ලාංකීය දේශපාලන ක්‍රමයට හොඳ ඉතිහාසයක් තිබෙනවා.එතෙක් සාහිත්‍යකරැවා
මොකද කළේ ?
සාහිත්‍යකරැවා තමන්ගේ යුතුකම
ඉෂ්ට කළා.දිගින් දිගටම එහි නියැලී සිටියා.මමත් මගේ “හිරැ උදාවේ සාපය* කෘතියෙන් ඒ
පිළිබඳ ජනතාව ගැඹුරින් දැනුම්වත් කළා.ඒත් ජනතාව ඒවා ග්‍රහනය කර ගන්නේ නැත්නම් එතැනින්
එහාට අපි මොකද කරන්නේ ? අනික ලංකාවේ තරම් රෑපවාහිනියේ බණ කියන කිසිම රටක් නැහැ.ඒත්
ඒ තරමට ලංකාවේ ජාතික සමගිය ගොඩනැගිලත් නැහැ.හැබැයි මීගමුව වගේ ප්‍රදේශවල
සිංහල,දෙමළ, මුස්ලිම් මිනිසුන් එක පවුලක් වගේ ජිවත්වෙනවා.ආගමික උත්සවවලදී ඔවුන්
එකාවන්ව කටයුතු කරනවා.එහෙනම් ඇයි ඒක ආදර්ශයට ගන්න බැරි ?
ඒත් මේ මොහොතේදිත් මතුපිටින්
නොපෙනුණත් නව මාධ්‍ය හරහා මුස්ලිම් අන්තවාදී පිරිස් සමාජයට අහිතකර ක්‍රියාකාරකම්වල
නිරතවන බව කියැවෙනවා.මේක කොහොමද දකින්නේ ?
එතැන නම් මම අන්තවාදයක්
දකින්නේ නැහැ.අපි පොදුවේ සමාජයක් වශයෙන් අහන දකින දේ අනුව තමයි මේක අන්තවාදයක්
කියලා කියන්නේ.අපිට සන්නිවේදනය වෙන දේවල් අනුවයි අපි ක්‍රියා කරන්නේ.ඒත් ඒ
සන්නිවේදනය වෙන දේවල් නිර්මාණය කරන්නේ බටහිර රටවල්.උදාහරණයක් විදිහට හෙට අපේ රටේ
නායකයා කවුද කියලා තීරණය කරන්නේ බටහිර රටවල්.ඒ නිසා මේ සත්‍යය අපි තේරැම් ගත
යුතුයි. එහෙම නැත්නම් අපිට සිද්ධවෙන්නේ ඔවුන්ගේ න්‍යාය පත්‍රවලට වැඩ කරන්නයි. අනික
ඔවුන් කරන හැම දෙයක්ම අනුමත කරන්න අපි ලෑස්ති නැහැ. මොකද ලිබියාවට,ඉරාකයට වෙච්ච දේ
අපි දන්නවා. හැබැයි කාලයක් තිස්සේ පැවතුණු හලාල් ප්‍රශ්නේදී මුස්ලිම් මිනිස්සුන්ගෙන්
ගත යුත්තක් තිබුණා.අපි ගව මස් කන්න එපා කියනවා.ඒත් ඔවුන් ඌරැ මස් කන්නේ නැත්තේ ඇයි
කියලා හොයන්නේ නැහැ.ඒත් එහි විද්‍යාත්මක පැත්තක් තිබෙනවා.ඒ නිසා මෙතැන කෙරෙන්නේ
මිනිස්සුන්ගේ ප්‍රධාන ප්‍රශ්න අමතක කරවීමට ඔවුන්ගේ මනස් වෙනත් වෙනත් දිශානතින්ට
යොමු කිරීමක්.ඒත් ජනමාධ්‍යයේ දියුණුවත් සමග මිනිසුන් දැන් බුද්ධිමත් වෙලා.බුද්ධිමතුන්
දේශපාලනයට යාම අඩුවෙලා තිබෙන්නේ මේ නිසයි.
ශ්‍රී ලංකාව කුඩා රටක්. ඒත් ශ්‍රී ලංකාව උතුරේ
පොලිස් බලතල,ඉඩම් බලතල ගැන කෑ මොර දෙනවා. නමුත් ජාතීන් රාශියක් ජීවත් වන ඉන්දියාව
ලොව දෙවැනි බලවත් ආර්ථිකය හිමි රාජ්‍යය බවට පත්වෙලා. විශේෂයෙන්ම ඔවුන් ඉන්දියානු
සළකුණ යටතේ ජාත්‍යන්තරය ජයගෙන තිබෙනවා ?
මීට පදනම සැකසුණේ ඉන්දියානු
නිදහස් අරගලයේදි.එහිදී මිනිසුන් ලක්ෂ ගාණක් මැරැණා.ඒ නිසා ඔවුන් තුළ අපට වඩා ජාතික
හැඟීමක් තියෙනවා.උදාහරණයක් විදිහට අද තමිල්නාඩුවට ගිහින් බැලුවොත් හිඟන්නෙකු අතේ
පවා “හින්දු* පත්තරය තියෙනවා.ඔවුන් ඒ පත්තරේ තියාගෙන සිටින්නේ හරිම අභිමානයෙන්.ඒ
නිසා ඉන්දියාවේ සෑම පුරවැසියෙකු තුළම තමන් ඉන්දියන්කාරයෙකු කියන හැඟීම
නිරන්තරයෙන්ම තිබෙනවා.ඒක එහි සිටින මුස්ලිම් ජාතිකයන් පවා සිතන්නේ එහෙමයි. අනික
රටට අවශ්‍ය බොහෝ දේවල් ඔවුන් තමන්ගේ රටේම නිපදවා ගන්නවා.පිටරටත් යවනවා.ඒත් අපේ රටට
මොකද වෙලා තියෙන්නේ ? ලංකාවේ ටයර් සංස්ථාව පවා බිඳ වැටිලා.පොහොර සංස්ථාව කඩා
වැටිලා. මේ සංස්ථා හොඳට තිබුණා නම් බස් ගාස්තු, අත්‍යවශ්‍ය භාණ්ඩවල මිල ගණන් වැඩි
කරන්න ඕනේ නැහැ. ඒ නිසා අපේ රටේ කර්මාන්ත ටික දියුණු කර ගැනීමයි කළ යුත්තේ. නැතුව
ලංකාවට ඇවිල්ලා කර්මාන්ත ආරම්භ කරන්න කියලා විදේශිකයන්ට කියලා හරියන්නේ නැහැ. අනික
අද තමිල්නාඩුව ජලය නැතුව තමන්ගේ වගා කටයුතු කරගන්න බැරැව දඟලනවා. ඒක මම
අත්දැකීමෙන් දන්නවා. ඒ නිසා ඔවුන් දැන් වැසි ජලය එකතු කිරීමේ ව්‍යාපෘතියක් දියත්
කරලයි තියෙන්නේ. ඒත් ලාංකික අපට මේ සියල්ල ලැබිලත්, අපේ ආර්ථිකය කඩා වැටිලා.අපේ
ජාතික හැඟීමත් එහෙමයි.අපට මහරුජින නිදහස ලබා දුන්නේ නිකම් පිනට වගෙයි.අනුකම්පා
කරලා වගෙයි. අපේ ජාතික වීරයෝ සටන් කළා තමයි. ඒත් ඉන්දියාව කළ මහා සටන නිසා ලංකාවට
නිදහස නොදී බැරිකමටයි අපට
නිදහස ලැබුණේ.
No comments:
Post a Comment