Saturday, July 13, 2013

ස්වාභාවිකවාදය ඉදිරියට ගෙන ආ රුසියානු නාට්‍යකරුවා ඇන්ටන් චෙකොව්



තරුණයා (2011/12)

මාලන් විදානපතිරණ
                                          
‘‘බෙහෙත් මගේ භාර්යාවයි. සාහිත්‍යය මගේ අනියම් භාර්යාවයි ’’ මෙය 1888 වසරේ සැප්තැම්බර් මස 11 වැනිදා ඇලෙක්සි සුවොරින් වෙත පැමිණි ලිපියක සහන් වූ වාක්‍ය ඛණ්ඩ කිහිපයකි. එම ලිපිය ඔහුට ලැබුණේ රුසියාවේ සුප‍්‍රකට නාට්‍යකරුවකුගෙනි. එම නාට්‍යකරුවා අන් කවරකුවත් නොව දොස්තර ඇන්ටන් චෙකොව් ය. 

          1860 වසරේ ජනවාරි මස 29 වැනිදා රුසියාවේ ටගන්රොග්හිදී පවෙල් හැගොරොවික් චෙකොව්ට සහ යිව්ජිනියා ට දාව උපන් චෙකොව් දරුවන් හයදෙනෙකුගෙන් යුත් පවුලේ තුන්වැන්නා ය. ඔහුගේ පියා පල්ලියේ ගීතිකා කණ්ඩායමේ සේවය කළේය. චෙකොව්ට අපූරු කතාන්දරකාරියක් බව ට පත්වෙමින් ඔහුගේ ළමා දිවිය හැඩ වැඩ කළේ ඔහුගේ අම්මා ය. රෙදි වෙළෙන්ඳෙකු වූ සිය පියාගේ සංචාරක අත්දැකීම් රස ගන්වමින් සිය දරුවන්ට පැවසූ චෙකොව්ගේ මව, තමන් වෙතින් මෙවන් වූ ලෝක ප‍්‍රකට නාට්‍යකරුවකු බිහිවෙතැයි කිසි දිනක  නොසිතන්නට ඇත.

          කෙටි කතා රචකයකු ලෙසින් ද ප‍්‍රචලිත ඇන්ටන් පව්ලොව් චෙකොව්, රුසියානු නාට්‍ය කලාව ස්වාභාවිකවාදය (Naturalism)    අතික‍්‍රමණය කරමින් යථාර්ථවාදි රීතිය කරා නැඹුරු කිරීමට සම්මාදම් වූ නාට්‍යකරුවෙකි. රුසියානු නවකතා සම්ප‍්‍රදායෙන් පෝෂණය ලැබූ යථාර්ථවාදී රීතිය විසාරියන් බෙලින්ස්කි නම් නවකතා රචකයා (Visarion Belinsky) පෙරටුකොටගෙන බිහිවූවකි.



          හංස ගීතය (1889) , ඟුල් ප‍්‍රස්තාව (1889) , ඉවානොෆ් (1889), වාන්යා මාමා (1902), තුන් සොහොයුරියෝ (1901), මුහුදු ලිහිණියා (1889) ආදි නාට්‍ය නිර්මාණ රැසක් ලොවට දායාද කළ ඇන්ටන් චෙකෝව් අතින් ලියැවුණු ප‍්‍රචලිත ම නාට්‍ය නිර්මාණය වන්නේ චෙරි වත්ත (Cherry Orchard)යි. එය සෞඛ්‍යය අන්තයට ම පිරිහුණු කාලයේ දිනකට පේලි හතරක් පමණක් බැගින් ලියැවුණු ඔහුගේ අවසන් නාට්‍යය ද වෙයි. 1904 වසරේ ජනවාරි මස 17 වැනිදා මංගල දර්ශනය පැවැති එම නාට්‍යයේ නිර්මාණ ඇගයීම සිදුවූයේ ද එදින ම ය.



          චෙරිවත්ත නාට්‍යය පිළිබ අදහස් දක්වමින් වරක් මහාචාර්ය ඇලඩයිස් නිකොල්  ප‍්‍රකාශ කළේ එය ලොව මෙතෙක් ලියැවී ඇති හොම නාට්‍ය දහය අතුරින් එකක් බවයි. කාලාන්තරයක් තිස්සේ සිය අණසක පතුරුවාගෙන සිටි රදළ පැළැන්තියේ බි වැටීමත් අලූතින් ගොඩනැගෙන ධනේශ්වර ක‍්‍රමයේ හිස එසවීමත් පදනම් කරගනිමින් දිවෙන මෙම නාට්‍යය චෙකොව් විසින් නොයෙකුත් සංකේත, සංවාද ආධාර කරගෙන කොතරම් ශූර ලෙස රචනා කර ඇත්දැයි යන්න නාට්‍යය පිටපත පරිශිලනය කරන්නකුට හොඳින් පසක් වනු නියත ය.

          ඇතැම් විචාරකයන් පවසන අන්දමට හෙළයේ මහා ගත්කරු මාර්ටින් වික‍්‍රමසිංහයන්ට  1944 වසරේදී ගම්පෙරළිය රචනා කිරීමට ද මෙය බලපෑ බව කියැවේ. ඇන්ටන් චෙකොව්ගේ නාට්‍ය පිළිබ පිළිබ අදහස් දක්වමින් ස්ටැනිලාව්ස්කි වරක් මෙසේ ප‍්‍රකාශ කළේය.

‘‘චෙකොව්ගේ නාට්‍යයක් ප‍්‍රථමයෙන් කියවන ඔබට එහි කාව්‍යාත්මක ගුණය උකහා ගත නොහේ. මේ නිසා ඔබ ඔහුගේ නාට්‍යයක් කියවූ පසු මෙසේ පවසා ගනු ඇත.

‘‘මේ නාට්‍යය හො නාට්‍යයක්. ඒත් කිසි ම විශේෂත්වයක් නැහැ. මේකේ තියෙන ඔක්කෝම දේවල් අපිට ස්වාභාවික ව දකින්න පුළුවන්. කිසි ම අලූත් බවක් නැහැ.’’

මේ නිසා ම බාග විට මේ නාට්‍යය පිළිබව ඔබ තුළ පැවැති බලාපොරොත්තු පවා මෙයින් බි වැටෙන්නට පිළිවන. එහෙත් ඔබ කෙමෙන් කෙමෙන් නාට්‍යයේ ඇති සංවාද කොටස්, දර්ශන යළි යළිත් මතකයට නංවාගන්නා කල්හි නාට්‍යයේ සමස්තය ම යළිත් වතාවක් කියවීමට ඔබට සිතෙන්නට පිළිවන. ඉන්පස්සෙයි ඔබට චෙකොව්ගේ නාට්‍යවල යටි පෙළ තේරුම් ගන්න පුළුවන් වෙන්නේ ’’ 

          විසි හතර වැනි වියේදී පමණ නාට්‍ය රචනා කිරීමට පෙළඹුණු චෙකොව් ‘‘සරත් කාලය’’ නම් ඔහුගේ ම කෙටි කතාවක් ඇසුරින් ‘‘මහ පාර මැද’’ නම් කෙටි නාට්‍යය රචනා කළේය. එහෙත් එය අවාසනාවන්ත ලෙස වාරණයට ලක්වීමෙන් එකල ප‍්‍රකාශයට පත් නොවීය. එහෙත් එයින් අධෛර්යයට පත් නොවුණු ඔහු, වළහැඬියා, පරස්තාව, සංවත්සරය ආදී කෙටි නාට්‍ය රැසක් රචනා කළේය.

          1896 වසරේදී මුහුදු ලිහිණියා නාට්‍ය රචනා කළ චෙකොව්, එකල ජනපි‍්‍රය නළු නිළියන් රපෑ ඇලෙක්සැන්ඩි‍්‍රන්ස්කි රහල් නාට්‍ය කණ්ඩායමට එය ලබා දුන්නේ එය සාර්ථක අන්දමින් නිෂ්පාදනය වනු දැකීමටය. එහෙත් එය අනුචිත රූපණ මාධ්‍යයක් භාවිතා කිරීම හේතුවෙන් අසාර්ථක නිෂ්පාදනයක් බවට පත් වූයේය. ඉනික්බිති ඔහු පැවසුවේ තවත් ශත වර්ෂ ගණනාවක් යන තුරු නාට්‍ය නම් නොලියමියි කියා ය.

          එහෙත් ඊට ඉඩ නොදුන් ස්ටැනිස්ලාව්ස්කි, චෙකොව්ගේ මුහුදු ලිහිණියා නාට්‍යය නිෂ්පාදනය කර එය සාර්ථක නිෂ්පාදනයක් බවට පත්කරලමින් ඔහු දිරි ගැන්වූයේ තවත් නිර්මාණ ගණනාවකට ම මග පාදමිනි.

          හෙන්රික් ඉබ්සන්ගේ යථාර්ථවාදී නාට්‍ය කලාව මුවහත් කිරීමට ඉවහල් වූ චෙකොව්ගේ නාට්‍ය රචනා කලාව සංවාද, සංකේතවාදය ආදිය වෙත වඩාත් ළං වූවකිx දැඩි විෂය මූලික භාවය හා මායාවන් පිළිබ`ද අදහස් තරයේ ප‍්‍රතික්ෂේප කළ ඔහු සිය නාට්‍ය තුළින් සංකීර්ණ මිනිස් සබ`දතා, මිනිසුන්ගේ ඇතැම් මෝඩ කි‍්‍රයා ආදිය පරිණත දෘෂ්ටියකින් හා සියුම් අන්තර්ඥානයකින් ද අද්විතීය ප‍්‍රතිභාවකින් ද යුතුව ප‍්‍රකාශයට පත් කළේය.

          ස්ටැනිස්ලාව්ස්කි හා නෙමිරෝවිච් ඩැන්චෙන්කෝ එක් ව ගෙන ගිය මොස්කව් කලා රහලේ(Moscow Art Theatre) නිෂ්පාදන මාර්ගයෙන් යථාර්ථවාදී රංග කලාව පෝෂණය කිරීමට යත්න දැරූ මේ මහා නාට්‍යකරුවා එකල නිශ්චිත ඖෂධයක් සොයාගෙන නොතිබුණු ක්‍ෂය රෝගයට ගොදුරු ව අවාසනාවන්ත අන්දමින් ජීවිතයෙන් සමුගත්තේ 44 වැනි වියේ පසුවෙමින් සිටියදී ය.


               
                                                                 
                  

Email-mgwidanapathirana@gmail.com

No comments:

Post a Comment