Saturday, July 13, 2013

නාට්‍යකරුවෙකු ලෙස ජෝර්ජ් බර්නාඩ් ෂෝ



2012/03/22

තරුණයා

මාලන් විදානපතිරණ


විශ්ව කීර්තියට පත් නවකතාකරැවෙකු, සංගීතවේදියෙකු, කෙටිකතාකරැවෙකු මෙන් ම ලෝක පූජිත නාට්‍යකරැවෙකු ලෙස  ජෝර්ජ් බර්නාඩ් ෂෝ දැක්විය හැක. දක්ෂ කථිකයකු ලෙස ද ප්‍රකට ‍ෂෝ පිළිබඳව තබනා කෙටි සටහනකි මේ.


 1856 ජුලි මස 26 වැනිදා අයර්ලන්තයේ  ඩර්ලින් නගරයේදී ව්‍යාපාරිකයකු වූ George Carr Shaw සහ වෘත්තිය ගායිකාවක වන Lucinda Elizabeth Shaw (Née Gurly)ට දාව උපන් ජෝර්ජ් බර්නාඩ් ෂෝ පවුලේ එකම පිරිමි දරැවා විය.   ජෝර්- කාර්ෂෝ යනුවෙන් හැඳින්වූ පියාගේ නමේ මුල් වචනය එකතුකර මොහු ජෝර්ජ්  බර්නාඩ් ෂෝ යනුවෙන් මුලදී ව්‍යවහාර කෙරැණු ඔහුගේ නාමය ලොව පතළ වූයේ බර්නාඩ් ෂෝ යනුවෙනි.



සිය මව සංගීත ශිල්පිනියක්‌ වූ බැවින් සංගීත ක්‍ෂේත්‍රයේ රැඳී සිටීමට වරම් ලද බර්නාඩ්  සිය මවගේ සහෝදරයා  (බර්නාඩ් ෂෝ ගේ මාමා) ගෙන්ද උසස්‌ ගණයේ සාහිත්‍ය කෘති කියවීමට කුඩා කල සිට ම උත්සුක වූයේය.



මවගේ රුකවරණය මධ්‍යයේ මූලික අධ්‍යාපනය කටයුතු හමාර කරමින් තරැණවියට පිය නැගූ ඔහු දහසය වැනි වියේදී පෞද්ගලික ව්‍යාපාරික ස්ථානයක කාර්යාලීය ලිපිකරැවෙකු හා මුදල් අයකැමියෙකු වශයෙන් බැඳුණු අතර වාසනාවට මෙන් එම රුකියාවෙන් ඉවත් වීමට මග සැලසු‍ණේ සිය මෑණියන් හට ලන්ඩන් නගරයේ පදිංචියට යෑමට සිදුවීම නිසාය. ඉනික්බිති ලන්ඩන් නගරයෙන් රුකියාවක්‌ සොයා ගැනීමට විවිධ ආයතනවලට බට බර්නාඩ් අවසන ඒ සියලු උත්සාහයන් ව්‍යර්ථ වූ තැන , පුස්‌තකාල සේවා මධ්‍යස්‌ථානයට බැඳී එහි පොත්පත් කියවීමට වටිනා වූ කාලය කැප කළේ දක්‍ෂ ලේඛකයන් විසින් රචිත උසස්‌ කෘති කියවමිනි. මේ අතරතුර නවකතා කිහිපයක් ද‌ නිර්මාණය කළ ඔහු  ඊට එතරම් ප්‍රතිචාරයක්‌ නොලැබුණ බැවින් ද ප්‍රකාශකයන් පවා ඒවා මුද්‍රණය කිරීමට මැලිවීම බැවින් ද තව තවත් ලේඛනයේ නියැලෙමින් සිය ලේඛණ හැකියාවන් මුවහත් කර ගැනීමට වෙහෙසුණේය.



ඉන්පසුව පුවත්පත්වලට ද ලිපි බොහොමයක්‌ ලියූ අතර ඒවායින් බොහොමයක් ප්‍රතික්ෂේප වූ අතර ම ඇතැම් ලිපි සඳහා ඉඩකඩ ද ලැබිණි. ඊට ඔහුට සුළු මුදලක්‌ ද ලැබිණි. එනයින් තව තවත් ධෛර්යසම්පන්න වූ බර්නාඩ් පුවත්පත් කෙරෙහි වැඩි කැමැත්තක්‌ දැක්‌වීම නිසා පසුව යහළුවකුගේ මාර්ගෝපදේශකත්වයෙන් The Star පුවත්පත් ආයතනයට බැඳුණේය.  ඔහුගේ මෙම පුවත්පත් ජීවිතය තුළ විස්මයජනක එකක් විය. එහිදී අරමුණකින් තොරව සුදුසු නොසුදුසු තැන්වල ඇවිදමින් අවිචාරවත් ජීවිතයක් ගත කළ ඔහු තමන් ව හඳුන්වනු ලැබුවේ ද රස්‌තියාදුකාරයකු වශයෙනි. ඇතැම්හු ඔහුට සේවයට සරිලන වැටුපක් නොලැබීම  නිසා ද මෙසේ හැසිරැණු බව දක්වති.



The Star පුවත්පත් ආයතනයේ සේවය කරන ‍සමයේ The world පුවත්පතකට ලිපි සම්පාදනය කරමින් ජනප්‍රිය චරිතයක් බවට පත් බර්නාඩ්,  එකල පැවැති පුවත්පතක් වූ The Saturday Review හි නාට්‍ය විචාරකයකු ලෙස ද කටයුතු කළ අතර ඇතැම් විට එහිදී නාට්‍ය නිර්මාණ කාර්යයන්හි නිරත විය. කොටින් ම කියතොත් නිදහස් චින්තකයෙකු, ලේඛකයෙකු මෙන් ම බර්නාඩ් ෂෝ නාට්‍යකරැ‍වෙකු ලෙස ද ප්‍රචලිත වූ ප්‍රධාන හැරවුම් ලක්ෂ්‍යය වූයේ The Saturday Review පුවත්පතයි.

දක්‍ෂ කථිකයකු ලෙස ද එකල ජනප්‍රියත්වයට පත් බව සඳහන්  බර්නාඩ්ගේ කථා ශෛලීය එකල ප්‍රේක්‍ෂකයාගේ සිත් ඇඳ බැඳ තබා ගැනීමට සමත් වූ බව සැළකේ. එහිදී හාස්‍යයෙන් පිරිස කුල්මත් කිරීමට දක්‍ෂ වූ ඔහු සමාජයේ උස්‌මිටි තැන් විවේචනය කරමින් සමාජ අසාධාරණයට අභිතව සටන් වැදුණු  බව ද සඳහන්ය.

The Saturday Review පුවත්පතේ නාට්‍ය විචාරයකු ලෙස සේවය කළ සමයේ නාට්‍ය රචනා කිරීමෙහිලා දැඩි ඇල්මක්‌ දැක්‌වූ බර්නාඩ් අතින් ලියැවුණූ පළමු නාට්‍යයක් වශයෙන් වේදිකාගත වූ නාට්‍යය වශයෙන් දැක්වෙන්නේ  Widowers' Houses ය. 1892 වසරේදීය.  ඉන්පසුව  The Philanderer (1898), Mrs Warren's Profession (1893), Plays Pleasant (1898), Arms and the Man (1894), Candida (1894), The Man of Destiny (1895), You Never Can Tell (1897), Three Plays for Puritans (published 1901), The Devil's Disciple (1897) ,Caesar and Cleopatra (1898) Captain Brass bound’s Conversion (1899), The Admirable Bashville (1901), Man and Superman (1902–03), John Bull's Other Island (1904),How He Lied to Her Husband (1904), Major Barbara (1905), The Doctor's Dilemma (1906), Getting Married (1908), The Glimpse of Reality (1909),  The Fascinating Foundling (1909), Press Cuttings (1909), Misalliance (1910), Annajanska, The Bolshevik Empress (1917), The Dark Lady of the Sonnets Fanny's First Play (1911), Overruled (1912), Androcles and the Lion (1912), Pygmalion (1912–13), The Great Catherine (1913), The Inca of Perusalem (1915), O'Flaherty VC (1915), Augustus Does His Bit (1916), Heartbreak House (1919), Back to Methuselah (1921), Saint Joan (1923), The Apple Cart (1929), Too True To Be Good (1931), On the Rocks (1933), The Six of Calais (1934), The Simpleton of the Unexpected Isles (1934), The Shewing Up of Blanco Posnet (1909), The Millionairess (1936), Geneva (1938), In Good King Charles's Golden Days (1939), Buoyant Billions (1947), Shakes versus Shav (1949) ආදී නාට්‍ය ගණනාවක් රචනා කළ අතර මේ අතුරින් සීසර් සහ ක්‌ලියෝ පැට්‌රා, ඇපල් කාට්‌, පිග්මැලියන් වැනි නාට්‍ය කෘතිවලට ඉමහත් ප්‍රසාදයක්‌ ලැබුණි.  එහිදී පිග්මැලියන් නාට්‍යය 1964 වසරේදී MY FAIR LADY නමින් සංගීතමය චිත්‍රපටයක්‌ ලෙස තිරගත වූ අතර එම චිත්‍රපටය 1965 වසරේ ඔස්‌කාර් සම්මාන ප්‍රදානෝත්සවයේදී හොඳම චිත්‍රපටය, හොඳම අධ්‍යක්ෂණය,හොඳම නළුවා යනාදී සම්මාන දහයක් දිනා ගැනීමට ද සමත් විය.

මස්‌ මාංශ අනුභවයෙන් හා මත්පැන් පානයෙන්ද වැළකී සිටි අග්‍රගණ්‍ය නාට්‍යකරැවා මේ නිසා ම යහපත් දිවිපෙවෙතක්‌ ගත කරමින් මිය යන තුරැ ම යහපත් සෞඛ්‍ය තත්ත්වයකින් ද පසුවූයේය. සාහිත්‍ය කලාව, නාට්‍ය නිර්මාණකරණය වෙනුවෙන් කරන ලද අපමණ සේවය අගයනු කරනු වස්‌ My Fair Lady චිත්‍රපටය සඳහා නොබෙල් සාහිත්‍ය සම්මානයට නම් කෙරැණූ නමුත් එය ඔහු විසින් එකී ප්‍රතික්ෂේප කළේ සියල්ලෝ ම විස්මයට පත් කරලමිනි. එපමණක්‌ නොව බ්‍රිතාන්‍ය රජය විසින් ප්‍රදානය කරනු ලබන ඉහළම සම්මානය වූ ORDER OF MERIT නම් වූ ඉහළ නිලය ද ඔහු ප්‍රතික්ෂේප කළේ සිය නිහතමානිත්වය මොනවට ඔප්පු කරමිනි.

ඇමරිකාව රැසියාව, ඉන්දියාව මෙන් ශ්‍රී ලංකාව ට  පැමිණ ( ඔහු Galle Face හෝටලයේ නවාතැන්ගෙන සිටි බව කියැවේ) සාහිත්‍ය කලා කටයුතුවල නිරත වූ  බර්නාඩ්ගේ ඇතැම් කෘති වෙනත් භාෂාවලටද පරිවර්තනය වී තිබේ. ඉන් සමහරක්‌ කෘති සිංහල භාෂාවට ද පරිවර්තනය වී ඇත.

1950 නොවැම්බර් 02 දා  ක්‍ෂණිකව බිම ඇද වැටීම නිසා 94 වියේදී මෙලොවින් සමුගත් ජෝර්ජ් බර්නාඩ් ෂෝ පිළිබඳ අදත් අප කතා කරන්නේ  ඔහු මිය ගිය ද ඔහුගේ සාහිත්‍ය කලා කෘති, ඔහු විසින් සමස්ත සාහිත්‍යය වෙනුවෙන් ම කළ සේවය තවමත් අනුස්මරණීය බැවිනි. එමෙන් ම එතුළ ගැබ් වී ඇති සමාජ සාරධර්ම හේතුවෙනි.

 මාලන් විදානපතිරණ

marlonwidanapathirana@gmail.com

No comments:

Post a Comment