Wednesday, July 17, 2013

පද්මභූෂණ සම්මානයෙන් පිදුම් ලද සහස්‍රකයේ දුෂ්ටයා ප්‍රාන්


අද- 2013/07/17

පසුගිය 12 වැනිදා මිය ගිය හින්දි සිනමා නළු ප්‍රාන් ගැනයි මේ


සටහන - මාලන් විදානපතිරණ

හැට හැත්තෑව දශකයේ හින්දි සිනමාවේ සිටි හොඳම දුෂ්ට නළුවා ප්‍රාන් පසුගිය 12 වැනිදා මිය ගියේය. මිය යන විට 93 වැනි වියේ පසු වූ ප්‍රාන් රඟපෑ චිත්‍රපට අතර 1958 තිරගත වූ දිලිප් කුමාර් ප්‍රධාන චරිතය රඟපෑ මධුමතී, 1960 තිරගත වූ රාජ් කපූර් රඟපෑ “ජිෂ් දේශ් මේන් ගංගා බේති හේ*, 1967 තිරගත වූ ආශා පරේක් ප්‍රධාන චරිතය රඟපෑ “උප්කාර්*, 1973 තිරගත වූ අමිතාබ් බච්චන් ප්‍රධාන චරිතය රඟපෑ “සංජීර්*, 1978 තිරගත වූ අමිතාබ් බච්චන් ප්‍රධාන චරිතය රඟපෑ “ඩොන්*, 1984 තිරගත වූ රිෂි කපූර් සහ දිලිප් කුමාර් ප්‍රධාන චරිතය නිරෑපණය කළ දුනියා කැපී පෙනේ.මේ ඒ නිමිත්තෙන් සිනමා තරැ පිළිබඳ පමණක් අවධානය යොමුවන මෙවන් යුගයක ඊට සිනමා තරැ කෙරේ බැබළීමට මග පාදන සහායක නළු නිළියන්ට උපහාරයක් වශයෙන් ලියැවෙන සටහනකි.

1920 වසරේ පෙබරවාරි මස 20 දා  දිල්ලි(පැරුණි) නගරයේ බල්ලිමාරන්හි උපත ලද ප්‍රාන් ක්‍රිෂන් චන්ද් ධනවත් පන්ජාබ් පවුලකින් පැවත එන නළුවෙකි.කෙවාල් ක්‍රිෂන් සිකන්ද් වන ඔහුගේ පියා වෘත්තියෙන් ඉංජිනේරැවරයෙකු වන අතර රජයේ සිවිල් කොන්ත්‍රාත්තුකරැවෙකු ලෙසද ක්‍රියා කළ අයෙකි.ප්‍රාන්ගේ මව රාමේශ්වරී වන අතර ප්‍රාන් සමග සමග ඔහුගේ පවුලේ පිරිමි දරැවන් හතර දෙනෙක් සහ ගැහැණු දරැවන් තිදෙනෙක් සිටියේය.   

ගණිතයට උපන් හපනෙක් වූ ප්‍රාන්ට තම ගණිතමය ඥානය වර්ධනය කර ගැනීමට මුලදී විධිමත් ඉඩහසරක් නොලැබුණූ අතර ඒ ඔහුට තම පියාගේ රුකියාව නිසා වරින් වර විවිධ පාසල්වල ඉගෙනීමට සිදුවූ නිසාවෙනි.එහෙත් අවසානයේදී ඔහු රාම්පූර්හි රාසා උසස් විද්‍යාලයෙන් තම ගණිත උපාධිය සම්පූර්ණ කළ ප්‍රාන්, ඊළඟට ගියේ දිල්ලියේ ඒ. දාස් සහ සමාගම වෙතය.ඔහුගේ ඉලක්කය වූයේ වෘත්තිමය
 
ඡායාරෑප ශිල්පියෙකු වීමයි.ඒ අනුව ඡායාරෑප ශිල්පියෙකු ලෙස වැඩ භාර ගත්තේ ශිම්ලා නගරයේදීය.ප්‍රාන්ට ශිම්ලා නගරය පසුකාලීනව තවත් අයුරකින් වැදගත්.ඒ මෙහිදී ඔහුට රංගන ශිල්පියෙකු නොව නිළියක බවට පත්වීමට සිදුවූ නිසාවෙනි. එනම් රම්ලිලා නම් වේදිකා නාට්‍යයේ සීතා ලෙසින් රඟපෑමට  ඔහුට සිදුවූ නිසාවෙනි.මෙහි රාමාගේ චරිතය රඟපෑවේ මදන් පූරි විසිනි.
මේ අනුව දිගින් දිගටම ඔහුගේ දෛවය මග සකසා දුන්නේ ඡායාරෑප ශිල්පියෙකු වීමට නොව රංගන ශිල්පියෙකු වීමටය. එනම් 1940 වසරේදී ඉන්දියාව දෙකඩ වීමට පෙර ලාහෝර් නගරයේ වෙළඳ ආයතනයකදී ඔහුට චිත්‍රපට තිර රචකයකු වන වොලී මොහොමඩ් වොලී හමුවන අතර ඒ අනුව ඩල්ෂුක් එම්.පන්චෝලි නිෂ්පාදිත පන්ජාබ් චිත්‍රපටයක් වන යම්ලා ජට් සිනමා නිර්මාණයේ චරිතයක් හිමිවෙයි. එහි ප්‍රධාන චරිතය නිරෑපණය කළේ නූර් ජෙහාන් සහ දුර්ගා ඛෝටේය. මෙහි දෛවෝපගත සිදුවීම වන්නේ ඉන් දෙවසරකට පසුව එනම් 1942 වසරේදී ඛන්ඩාන් චිත්‍රපටයේදී ප්‍රාන් වීරයාගේ චරිතයක් නිරෑපණය කරද්දී ජෙහාන් සහ දුර්ගා ඔහුට එරෙහි චරිත රඟපාමින් මීට දායක වීමයි. චිත්‍රපට මේ යුගයේ තරම් විශාල සංඛ්‍යාවක් නො නිපැයුණු සමයක 1942- 1946 අතර කාල ප්‍රාන්තරයේදී කයිසි කහූන්, කමෝශ් නිගාහෙන් ආදී ජනප්‍රිය චිත්‍රපට 22කට දායක වීමට වරම් ලද ප්‍රාන්, 1947 වසරේදී පමණක් චිත්‍රපට 18කට දායක විය. 
ඒ අතරින් ටරාශ් සහ ඛානාබදෝශ් යන චිත්‍රපට අතිශයින් ජනප්‍රිය විය.

කෙසේ නමුත් එතෙක් කලක් වීරයාගේ චරිතය රඟපාමින් සිටි ප්‍රාන්ගේ සිනමා ජීවිතය පණහ දශකයේ වෙනස් වූ අතර දේව් ආනන්ද් සහ කමිනි කෞෂාල් ප්‍රධාන චරිතය නිරෑපණය කළ බොම්බේ ටෝක්ස් චිත්‍රපටය එම හැරවුම් ලක්ෂ්‍යය විය.දේව් ආනන්ද් සුපිරි වීරයකු ලෙස ඉස්මතු වූයේද මෙම චිත්‍රපටයෙනි. ඉන් දක්ෂ දුෂ්ට නළුවකු ලෙස බොලිවුඩයේ ලියාපදිංචි වීමට සිදුවු ප්‍රාන් ඉන්පසු රඟපෑ චිත්‍රපට අතර ග්‍රිහාස්ති, පූට්ලි,ශිෂ් මහල්, අඩලට්,කුල්දිප් කෝර් ඉන් ජෂාන් ආදී චිත්‍රපටද, දිලිප් කුමාර් සමග රඟපෑ අසාඩ්,දේව්දාස්,මධුමති,දිල් දියා ඩර්ඩ් ලියා, රාම් ඕර් ෂ්‍යාම්ද ,ආද්මි යන චිත්‍රපටද , දේව් ආනන්ද රඟපෑ සිද්දි, මුනිම්ජි,අමර් දීප් යන චිත්‍රපටද, රාජ් කපූර් සමග රඟපෑ ආහ්,චෝරි චෝරි,ජග්තේ රහෝ,චලියා,දිල් හි ටෝ හේ යන චිත්‍රපටද අතිශයින් ජනප්‍රිය විය.

දශක හතකට ආසන්න කාලයක් පුරා චිත්‍රපට 350කට අධික ප්‍රමාණයකට සහභාගි වෙමින් හින්දි සිනමාව වෙනුවෙන් විශාල මෙහෙවරක් ඉටු කළ ප්‍රාන්ගේ සහකාරිය බවට පත්වූයේ ෂුක්ලා අලුවලියාය.මේ දෙපළට දරැවන් තිදෙනෙකි. අරවින්ද්,සුනිල් සහ පින්කි ඔවුහු වෙති.

ප්‍රාන්ට පසුගිය මැයි මස පැවැති 60 වැනි ඉන්දියාවේ ජාතික චිත්‍රපට උලෙ‍ළේදී දාදාසහබ් පල්කේ සම්මානය පිරිනැමීමට ඉන්දීය රජය කටයුතු කළමුත් එය ලබා ගැනීමට තරම් සෞඛ්‍ය තත්ත්වයක ඔහු නොසිටි බැවින් ඉන්දු රජය එය පිරිනැමුවේ ඔහුගේ නිවසටම ගොසින්ය.

උප්කාර් (1961), ආන්සෝ බන් ගයේ පූල් සහ බෙල් - ඉමාන් යන චිත්‍රපට වෙනුවෙන් ෆිල්ම්ෆෙයාර් සම්මාන උලෙළේදී තෙවරක්ම හොඳම සහාය නළුවා සම්මානය දිනා ගත් ප්‍රාන්, 1997 වසරේ පැවැති ෆිල්ම්ෆෙයාර් සම්මාන උලෙළේදී මෙන්ම සීසිනේ සහ ස්ටාර් ස්ක්‍රීන් යන සම්මාන උලෙළවලදී සිනමාව වෙනුවෙන් කරන ලද මෙහෙවර වෙනුවෙන් ගෞරව සම්මානයකින්ද පිදුම් ලැබුවේය.එමෙන්ම එසේම ඉන්දීය පුරවැසියකු ලබන ඉහළතම සම්මානය වන පද්ම භූෂණ සම්මානය දිනා ගත් තෙවැනි පුරවැසියා ලෙසින් 2001 වසරේදී සම්මානයට පාත්‍ර වූ ප්‍රාන්,දුෂ්ට නළුවෙකු ලෙස වැඩිම සම්මාන ප්‍රමාණයක් දිනා ගත් චිත්‍රපට නළුවා ලෙසද සැළකිය හැකිය.

No comments:

Post a Comment