මාලන් ගෝවින්ද
MTV වීඩියෝ සංගීත සම්මාන උළෙලේදී හොඳම මියුසික් වීඩියෝවට
හිමි සම්මානය දිනා ගත්තේ ජනප්‍රිය ගායිකා රිහානා විසිනි. ඒ සිය We Found Love ගීතය වෙනුවෙනි. මෑතකදී අතිශයින් ජනප්‍රියත්වයට
පත් පොප්,හිපොප් සහ රෙගේ ගායිකාවක වන ඇය, වයස අවුරැදු 16 තරම් කුඩා අවදියේ සිටම
සංගීතයට නැඹුරැ වූ ගායිකාවකි. මේ ඇය පිළිබඳ තබනා කෙටි සටහනකි.
1988 පෙබරවාරි මස 20 වැනිදා කොදෙව් දූපතක් වන සේන්ට්
මයිකල්හිදී උපන් රොබයින් රිහානා ෆෙන්ටි, බාබඩෝස් ජාතික තරැණියකි.මොනිකා බ්‍රේත්වේට්
සහ රොනල්ඩ්ගේ එකම දියණීය වන රිහානාට රොරී සහ රාජාඩ් වශයෙක් සහෝදරයන් දෙදෙනෙකි. ඇගේ
මව වන මොනිකා විශ්‍රාමික ගණකාධිකාරිවරියකි.ඇගේ පියා වන රොනල්ඩ් අයර්ලන්ත - බාබඩෝස්
යුද සමයේ විශාල වෙළඳසලක හිමිකරැවෙකි.
එහෙත් තම පියා ඉතා තදින් මත්ද්‍රව්‍ය සඳහා ඇබ්බැහි ව
සිටීම නිසා ඇයට සිදුවූයේ ඉතා අවාසනාවන්ත පවුල් ජීවිතයක් ගත කිරීමටයි.මේ නිසා ඇයට
යන්තම් වයස අවුරැදු 14 වන වන විට මව්පිය සෙනෙහස ද අහිමි විය.
වයස අවුරැදු හතක් තරම් කුඩා වයසේ සිටම රෙගේ ගීත ගායනා කළ
රිහානා සිය මූලික අධ්‍යාපනය හදාළේ Charles F. Broome අනුස්මරණ ප්‍රාථමික විද්‍යාලයෙන් සහ
Combermere උසස් විද්‍යාලයෙනි. ඇගේ සංගීතය කෙරේ වූ උන්මාදය
වර්ධනය වූයේ මෙහිදියි.එහිදී තුන්දෙනෙකුගෙන් යුත් තමන්ගේ ම සංගීත කණ්ඩායමක්
නිර්මාණය කර ගත් ඇය,එමගින් සිය සැඟවුණූ කුසලතාවයන් ඔප මට්ටම් කර ගත්තාය.එමෙන්ම ඇය
ගායිකාවක ලෙස මෙන්ම ගී පද රචිකාවියක් ලෙස ද තම කුසලතා දියුණූ කර ගත්තේ පාසැලෙන් ලද
පන්නරය හේතුවෙනි.
ඇගේ දක්ෂකම් පිළිබඳ ඇසූ ඇමෙරිකාවේ ශබ්දාගාර
නිෂ්පාදකවරයෙකු වන එවන් රොජර්ස් 2003 වසරේදී ඇයට ඇමෙරිකානු හෝටලයකට ආරාධනය කළේ මේ
අතරතුරදියි.ඒ රොජර්ස් ඇගේ බාබඩෝස්හි සමීපතමයෙකු වූ බැවිනි.
කෙසේ වෙතත් එහිදී ඇය
ගායනා කළ Emotion,
Hero යන ගීත නිසා රොජර්ස් අතිශයින් උද්දාමයට පත් විය. එනිසාම ඔහු
රිහානාගේ මව හමු වූ අතර රිහානා විසින් මීට පෙර ගායනා කළ, පටිගත කළ ගීත ඇත්නම් ඒවා
තමන්ට ලබාදෙන මෙන් ඉල්ලා සිටියේ දිගු ගමනක අඩිතාලම සකසා දෙමිනි.ඉන්පසු රොජර්ස්,
ඇමෙරිකානු ශබ්දාගාර අයිතිකරැවකු වන කාල් ස්ටකර්න් හමු වූ අතර 2004 වසරේදී මවගෙන්
ලබාගත් සියලුම පටිගත කළ ගීත වෙනත් ලේබල් යටතේ බෙදාහැරියේය.ඒ රිහානා ජනප්‍රියත්වය
කරා ගෙන යාම උදෙසාය. මේ කටහඬ පිළිබඳ විපරමින් සිටි Jay Z
විසින් තමන්ට ඇය හමුවීමට අවශ්‍ය බවත්,ඈ තම Def Jam Recordings සඳහා සම්බන්ධ කර ගැනීමට අවශ්‍ය බව ද කියා සිටියේය.ඒ 2005 වසරේ පෙබරවාරි
මාසයේදියි.ඒ අනුව විට්නි හූස්ටන්ගේ "For the Love of You, "Pon de Replay"
සහ "The Last Time" ගීත සඳහා
නව ජීවයක් ලබාදෙමින් එම පටිගත කිරීමේ සමාගමේ කටයුතු කළ රිහානා, එහිදී ගීත ඇල්බම
පහක් සඳහා දායකත්වය ලබා දුන්නාය.ඇය තම කුළුඳුල් ගීත ඇල්බමය නිර්මාණය කළේ
ඉන්පසුවයි.එනම් 2005 වසරේ මැද භාගයේදියි.
ඒ Music of the Sun ය.මාස තුනකට ආසන්න කාලයක් පුරා දැරෑ
පරිශ්රමයක අවසන් ප්‍රතිඵලය ලෙසින් බිහි වූ මෙම සංගීත ඇල්බමයේ රුප් ගායකයා
ලෙසින් කටයුතු කළේ මෙම්පිස් බ්ලීක්ය.එතෙක් මෙතෙක් යුග ගීත ගායනා කළ රිහානා,
තමන්ගේම කියා ගීතයක් ගායනා කළේ ද මෙම ඇල්බමය හරහාය. ඒ අනුව ඇගේ පළමු ඒකල ගීතය බවට
පත්වූයේ "Pon de Replay"ය. මෙය ලොව පුරා බෙදා හැරැණේ එම වසරේ අගෝස්තු මසදීය.එහෙත් එම වසරේදී Billboard Hot 100 ගීත අතර
මෙන්ම එංගලන්ත ගීත දර්ශකයේ ද ජනප්‍රියතම ගීත අතර දෙවැනි ස්ථානයට තරම් පොහොසත් වූ ඇගේ ගීත ඇල්බමයේ පිටපත් මිලියන දෙකකට අධික ප්‍රමාණයක් පළමු
මස තුළදී අලෙවි විය.
ඉන්පසුව
A Girl Like Me (2006), Good
Girl Gone Bad (2007), Rated R (2009),Loud
(2010),Talk That Talk (2011) වශයෙන්
වාර්තා පිට වාර්තා තැබූ ,ආදායම් වාර්තා බිඳලූ ඇල්බම හයක් නිකුත් කළ රිහානාගේ නවතම
ඇල්බමය වන Diamonds ළඟදීම නිකුත් වීමට නියමිතය.සෙසු
ඇල්බමයන් මෙන්ම ග්‍රැමී ආදී සම්මාන උළෙලවලදී සම්මාන රුසක් ලබා ගනු ඇතැයි අනුමාන
කෙරෙන මෙම ඇල්බමය, ආදායම් වාර්තා ද බිඳලනු ඇති බවට මත පළවේ.
සංගීතයට
මෙන්ම රංගනයට ද දස්කම් පෑ රිහානා ගේ පළමු චිත්‍රපටය වන්නේ Bring It On: All or Nothing (2006 )
ය. ඉන්පසුව Battleship (2012) රඟපෑ ඇගේ චරිතය වූයේ Cora Raikes ය.ඈට
තරමක සෑහිමකට පත් විය හැකි චරිතයක් හමුවූයේ මෙහිදියි. එනිසා ඇතැමුන් රිහානාගේ පළමු
චිත්‍රපටය ලෙස සළකන්නේ ද මෙයයි.එහෙත් ඈ මේ වෙනුවෙන් ඇමෙරිකානු යෞවන රසික සම්මාන
උළෙලේදී සම්මානයක් හිමිකර ගැනීමට ද සමත් වූවාය.මේ වසරේදී ම Katy Perry:
Part of Me චිත්‍රපටයට දායකත්වය ලබා දුන් රිහානා රඟපෑ නවතම චිත්‍රපටය
වන End of the World ලබන වසරේදී තිරගත වීමට ද නියමිතය.
එහෙත් ඈ එහි චරිත නිරෑපණය කරන්නේ ද රිහානා ලෙසින්මය.කෙසේ වෙතත් ඈ මේ දිනවල අලුත්
අත්දැකීමකට මුහුණදෙමින් සිටී. ඒ ප්‍රථම වතාවට හඬ කැවීම් ශිල්පිනියක ලෙස Happy
Smekday! චිත්‍රපටයට දායක වෙමිනි. චිත්‍රපටය 2014 වසරේදී තිරගත
වීමට නියමිතය.
No comments:
Post a Comment