සටහන - මාලන් විදානපතිරණ
බොහෝ විට මෑත කාලයේදී ගැයුණු ගීතයක් විමර්ශනයට බඳුන්
වන්නේ කලාතුරකිනි. විශේෂයෙන්ම කීර්ති පැස්කුවල් වැනි ගායකයන්ගේ ගීත, විචාරකයන්ගේ
ඇසට නතු වන්නේම නැති තරම්ය. එවන් දක්ෂ ගායකයකුගේ ජනප්‍රිය ගීතයක් ලෙස %කඳුළ ඉතින්
සමාවෙයන්^ගීතය දැක්විය හැකියි.මෙය එකල බොහෝදෙනාගේ අවධානයට ලක්වුව ද එය පිළිබද විග්‍රහයක්
හෝ පද සංකල්පනාව, නාද රටා,ගායනය පිළිබදසාකච්ඡාවක් රසිකයන් අතරට ගියාද යන්න සැකයකි.
ලක්මාලි කාරියවසම්ගේ පද සංකල්පනාවකට, සුරේෂ් ද සිල්වාගේ නාද රටා මුසුව නිර්මාණය
කෙරැණු මෙම ගීතය අලුත් විවාහ වූ මනමාලයකුගේ
උතුරා යන හදවත අපූරැවට අප තුළ සිත්තම් කරවන්නකි.මේ උත්සාහය ඒ පිළිබඳයම් විමසුමක
යෙදීමටයි.
පාළුවට ගිය කටුක ජීවිතයක්ගත කළ මෙම ආදරවන්තයා සිය
තනිකඩ ජීවිතය නිමා කරන්නට යයි. ඊට පෙර ඔහු තැබූ සෑම අඩියක්ම ගෙවුනේකඨෝර මගකය.එවන්
පෙම්වතකුගේචිත්තාභ්‍යන්තරය වඩා යථාර්ථවාදීව විස්තර කරන්නා වූමෙම ගීතය ආරම්භ වන්නේ
මෙසේය.
කඳුළ ඉතින් සමාවෙයන් අපි වෙන්වෙමු අද හවසට
මගේ ගෙපැලට ඈ එනවා සිරි යහනේ තනි රකින්න
ප්‍රේමවන්තයා සමුදෙන්නේ කඳුළටයි. එනම් ඔහු සවස් භාගයේ
සමුදෙන්නේ කඳුළ නම් ශෝකාන්ත නාටකයටයි.වයෝවෘද්ධව පැවැති ඔහුගේ හදවතටයි. ඒ සිය ඉරණම්
ගැහැනිය නව නිවසට වඩිනා බැවිනි. එහෙත් රචිකාව ඈ එනතුරැ
ඔහු බලා සිටින බව පැවසුවද බලා සිටින්නේ කුමකටදැයි ස්ථායි කොටසේ මුල් භාගයෙන් නොපවසයි. එය අවිනිශ්චිතව තබන ඈ(රචිකාවිය),පෙම්වතා
කඳුළට සමුදෙන්නේ ඇයිදැයි යන ප්‍රශ්නාර්ථය රසිකයා ඉදිරියේ තබයි.ඔහුගේ ගෙපැලට ඈ නම්
වූ පොදු කුලකයක් පැමිණෙන බව අපට හැඟෙන්නේ ඉන්පසුවයි.මේ නිසා ඈ
යනු කවුරැන්දැයි යම්කිසි ස්ථිර නිගමනයකට එළඹීමට රසිකයාට ස්ථායි කොටසේ අවසන් පද
කිහිපය තෙක් ඉවසා දරා සිටීමට සිදුවේ. මේ නිසා ගීතයේ තේමාව පිළිබඳ යම් අදහසක් ලබාගැනීමේදී
මෙය රසිකයාගේ කුතුහලය අවුස්සන සුළුය.ගීතයේ චමත්කාරය පවතින්නේ මෙතැනය. ගීතයේ
අපූර්වත්වය පවතින්නේ මෙතැනය. අනෙක් අතට මෙහි රචනා ශෛලිය වෙනත් මගක උසුලන බව
නොකියාම බැරිය. ගීතය තුළ ඇත්තේ වාච්‍ය බස්වහරක් සහ ලිඛිත බස්වහරක් මුසු වී පද
සංකලනයකි. මෙය එතරම් ලෙහෙසි නැත. එහෙත් පද
රචිකාවිය මෙම අභියෝගය ඉතා සාර්ථකව ජය ගෙන ඇති බවක් අපට පෙනේ.ගීතයේ පළමු අන්තරා
කොටස ඇරඹෙන්නේ මෙසේයි.
කළු වලාව නැගෙන්න එපා ගඟට උඩින් හැන්දෑවට
මුදුන් ලීය යටිනි පොළොවේ ගොම හේදෙයි අලුත් පිටම
කන්ද කපා හඳ පායා
සද රුස් යහනට වඩින්න
සඳ එළියෙන් නැගේ ගතේ පිපි ගෝමර මල් දකින්න
තරැණයාගේ සිතේ නලියන හැඟිම් වඩා තාත්ත්විකව වාච්‍යර්ථයට
නංවා ඇති ගී පද රචිකාවිය පවසන 'මුදුන් ලීය යටිනි පොළොවේ ගොම හේදෙයි අලුත් පිට ම'
යන්නෙහි මතුපිටාර්ථයක් මෙන් යටි අරැතක් ද ගැබ්ව තිබීම කැපී පෙනේ. තරැණයාගේ ප්‍රාර්ථනය
තමන් සෑදු අලුත් පැල වර්ෂාවෙන් සමතලා නොවේවා යන්නයි. එහෙත් මෙහි යටි අරැත නම්
තරැණයාගේ අලුත් ජීවිතයට කිසිවක් හෝ කිසිවෙකු බාධාවක් නොවේවා යන්නයි. මෙහි වර්ෂාව යන්න
අපට උපමාවක් ලෙස මෙන්ම සංකල්ප රෑපයක් ලෙස වුවද ගත හැක්කේ මේ නිසායි. මෙහි අවසන්
පදවැල් ද්විත්වයේ අරැත් ගැන්වෙන්නේ සඳ රුස් එළියෙන් නැහැවෙනයොවුන් ආදරයයි. එය
කොතරම් ප්‍රියජනකද, හාදු, තොල්පෙති ආදිය පිළිබඳ ගීත ලියැවෙන මෙවන් යුගයක රචිකාවිය
විසින් යොවුන් ආදරය වඩා නිර්මාණශීලීව එය ඉදිරිපත් කර ඇති අන්දම අගනා නොවේද ? ඇය
විසින් අපූර්වත්වයෙන් යුතුව වඩා සාර්ථක අන්දමින් මෙය රචනා කිරීම ඇගයිය යුතු නොවේද?
මල් දෙවැටේ වතුසුදු මල් පිපේවි ඈ පිළිගන්නට
කොපුල් තළා ඔමරි සිනා මතුවෙයි මල් ඵල ගන්නට
බිළිඳු ගෙනා කිරි සුවඳක් ගෙපැල දොරින් හමා එන්න
ඉඩදීයන් වළාකුළේ මගේ සිහිනය මල් පිපෙන්න
විකසිත වූ යොවුන් ආදරයේ
සුබ ඵල උදා වී ඇත. යුවළ
දැන් දරැ සුරතල් බැලීමට උද්යෝගයෙන් පසුවෙයි. බිළිඳු ගෙනා කිරි සුවඳක් ගෙපැල දොරින්
හමා එන කාලය දැන බව තරැණයා පවසන්නේ
එනිසයි. ගැමි තරැණයා යළිත් වතාවක් වර්ෂාවට කන්නලව් කරන්නේද මේ නිසයි. පෙර
කී පරිදි වර්ෂාව යනු බාධා නොහොත් රචිකාවිය යොදා ගත් සංකල්ප රෑපයක් දැන් අපට
පැහැදිලිය.
බටනලාවේ භාවිතාවන් මනාව හඳුනාගෙන ඇති මෙම ගීතයේ සංගීතමය
සිතුවම පිළිබඳවද මෙහිදී නොකියාම බැරිය. මන්ද මෙහි සංගීත නිර්මාපකයා මෙහි අවසන්
සංගීත කටයුතු නිමවා ඇත්තේ අනුවාද පිටපත් ගණනාවක් නිර්මාණය කිරීමෙන් අනතුරැවයි.
එනම් වරක් දෙවරක් නොව මෙහි තනුව සහ සංගීතය කිහිපවිටක්ම පිරිමැද ඇති බව අපට පෙනේ.
ගීතයේ සංගීතය ජනතාව කෙරේ මෙතරම් ආකර්ෂණීය වීමට බලපා ඇත්තේ මේ හේතුවයි. එමෙන්ම ඉතා
සංකීර්ණ වූ තනු නිර්මාණයක් කරා නොගොස් වඩා සෞම්‍ය, සරල තනුවක් මීට යොදාගෙන ඇති බවද
මීට බලපා ඇති බව පෙනේ.ගැමි තේමාවක් වුවද ජන ගී මුලාශ්‍ර යොදා ගැනීමට උත්සාහ කර නොමැති
සංගීත ශිල්පියා ඊට හේතු ලෙස පෙන්වා දෙන්නේ මෙවැනි ගීතවලට එවැනි මූලාශ්‍ර යොදා
ගැනීමෙන් එහි සර්වකාලීන ගුණය අව ප්‍රමාණය විය හැකි බවයි.
" ඒත් මම ගීතයේ අවසන් නාද රටාවන් සඳහා ඉතා සියුම්ව
මැනලද පුතේ කිරිදුන්නේ මා නුඹට යන ජන ගීයේ නාද රටාව යොදා ගත්තා. ඒත් එය රසිකයාට
අසුවුණාද කියලා නම් මම දන්නෙ නැහැ." සංගීත අධ්‍යක්ෂවරයා වැඩිදුරටත් අදහස්
පළකළේ එසේයි.
අප සිතෙහි ඈත පැලක පැල් රකින ගැමි තරැණයෙකු බටනලා පිඹිමින්
සිය පාළුව, කාංසිය නිවාගන්නා අයුරැ මනාව චිත්‍රනය කරවන සුළු මෙම ගීතයේ සංගීතය පෙරදිග
සහ අපරදිග මුසු වූවක් බැව්ද සටහන් නොකරම බැරිය. බටනලාව දෙපිලේම (පෙරදිග සහ අපරදිග
සංගීතය යන ද්විත්වයේම) සන්නිවේදකයා බවට පත්කර ඇතිඅතර, මෙහිදී මෙම නාද රචකයා
ගිටාර්,ඔක්ටර්පෑඩ් වැනි අපරදිග භාණ්ඩ මෙන්ම තබ්ලාව පෙරදිග භාණ්ඩද ගීතයට ඉතා සියුම්ව
යොදාගෙන ඇත්තේ සංගීතය විශ්ව භාෂාවක් බව හඟිමිනි.
No comments:
Post a Comment