මාධ්‍යවේදී ගම්මානයක සොඳුරු මතක අතරින් - 2
මුලින්ම සෙල්ලම් කරන්න යාළුවෙක් හම්බවුණු දවස
එක වසරේදි ඉඳන්ම මගේ යාළුවෙක් වුණු සිදත් විතරයි මට මාධ්‍යවේදී ගම්මානයේදී දන්නා යාළුවෙක්ට හිටියේ.ඒත් එයත් අපි එන දවස් වෙද්දි පදිංචියට ඇවිත් හිටියේ නැහැ.ඒ නිසා හවසට සෙල්ලම් කරන්න කවුරුවත් නැතුව මම හුඟක් පාළුවේ හිටියේ.
එතකොට මම දැක්කා අංක 24 දරන නිවසේ මල්ලි කෙනෙක්,එයාගේ තාත්තා එක්ක සෙල්ලම් කරනවා.ඒ වෙන කවුරුවත් නෙමෙයි.සරසවිය පත්තරේ හිටපු කර්තෘ ගාමිණි සමරසිංහ අන්කල්. අන්කල් තමයි පුතත් එක්ක සෙල්ලම් කර කර හිටියේ.අපි හිටියේ අංක 28 නිවසේ.ඒත් අපේ ගෙදර,මාධ්‍යවේදී ගම්මානයේ එක් කෙළවරක්.
මම අම්මා දිහා බැලුවා.අම්මා නීතිකාරි.ලේසියෙන් එළියට බහින්න බැරි බව මම අත්දැකීමෙන්ම දන්නවා.අනික එළියට ගියත්,කොන්දේසි ගොඩක් එක්ක තමයි මට එළියට යන්න ලැබෙන්නේ.
“ගියාට කමක් නැහැ.හැබැයි හැන්දෑ වෙන්න කලින් එන්න ඕනේ.වෙන කොහේවත් යන්නත් බැහැ හරිද ? මම ඇවිත් සැරින් සැරේ බලනවා මට පේන මානයෙම ඉන්න ඕනේ.“ එහෙම කියලා තමයි අලුත් ගෙදරට ආපු වෙලේත් අම්මා මාව පිටත් කළේ.
අලුත් යාළුවෙක් හම්බවුණු එක ගැන එයාටත් හරි සතුටුයි.එයා මට වඩා බාලයි.අවුරුදු හතරක් නැත්තම් තුනක් මං හිතන්නේ. ඒ මල්ලිගේ නම ධනුජය සමරසිංහ.හරිම අහිංසක මල්ලි කෙනෙක්.හරිම හොඳයි.අපි දෙන්නා හුඟක් වෙලා එදා සෙල්ලම් කළා.ඉන්පස්සේ හැමදාම වගේ අපි සෙල්ලම් කළා.
සිදත්ලා පදිංචියට ආවාට පස්සේ සිදත්,සුදාරක ආවා සෙල්ලම් කරන්න.මම ධනුජය මල්ලිට දෙන්නවම අඳුන්නනලා දුන්නා.ඉන්පස්සේ අපි දෙකට බෙදිලා සෙල්ලම් කළා.මට මතකයි සමහර දවස්වලට ධනුජය මල්ලිගේ අක්කාත් එනවා අපිත් එක්ක සෙල්ලම් කරන්න.ඒ දවස්වලට නම් මාර ජොලි.අපි ඉතින් සඳා නංගී බැට් කරන වෙලාවට හිනාවෙනවා එයාට.
(තව කොටසක් මතක් වුණු සැණින්)
No comments:
Post a Comment