හීනයක් වුණු කැම්පස් ජීවිතය
කැම්පස් තේරේවිද නැද්ද කිය කිය හිතේ සැකයක් තියාගෙන, වැට මායිමේ හිටපු මම කොළඹ විශ්ව විද්‍යාලයේ තිබුණු අවුරුදු එක හමාරක බාහිර ඉංග්‍රීසි පාඨමාලාව කළේ 2011 A/L ඉවර කරපු දවස්වලමයි.කතා කරන්න පුළුවන් වුණත් හිතේ තිබ්බ චකිතය හින්දා මම ඉංග්‍රීසියෙන් කතා කරන්න වුණත් ඉස්කෝලෙදිත් බයවුණු චරිතයක්. ඒකට මම ගැන හොඳටම දන්න ඉස්කෝලේ යාළුවෝ සාක්ෂි දරාවි.ඒ දවස්වල මම ව්‍යාකරණ වරදීවි කියලා හුඟක් බයෙන් හිටියේ.බයට වඩා මට තිබ්බේ අනික් අය හිනාවෙයි කියලා තිබ්බ සැකයක්.ඉතින් මම පසුගාමී වුණා.ඒක කොච්චර ආතතියක් වුණාද කිව්වොත් පළමුවැනි දවසේ මට මගේ පන්තියවත් හරියට හොයාගන්න බැරිවුණා.වැරැදි පන්තියක තමයි මුල් පැයේ හිටියේත්.නම් ලකුණු කරනකොටයි වැරැදි පන්තියක ඉන්න බව දැනගත්තේ.
ඒත් අවුරුදු එක හමාරකට පස්සේ මම මගේ අන්තිම විභාගයට පෙනී සිටියා.ඒ වෙද්දි මම කැම්පස් එකට තේරුණා කියලා කොළේ ඇවිල්ලයි තිබ්බේ.මට සතුට කියාගන්න බැරිවුණා.මම මගේ කතාවට මාතෘකාව කර ගත්තේත් මගේ ජීවිතයේ සුවිශේෂ අවස්ථා කීපයක්.වෙනත් විදියකින් කිව්වොත් මගේ ජීවිතය වෙනස් කරපු අවස්ථා කීපයක්.
එදා විභාගයට මුහුණ දුන්නු අනික් අය කොළ බලාගෙන එහාට මෙහාට යද්දි මම විතරයි කිසිම කොළයක් නැතුව මගේ වාරය එනකම් බලන් හිටියේ.මගේ අන්තිම විභාගයට ලකුණු දුන්නේත් පාඨමාලාවේ මුල් අදියරේ ඉංග්‍රීසි ගුරුතුමිය.ඇය මම කතා කරද්දි මගේ දිහා ඇසිපිය නොහෙලා බලා සිටියා.ඒක මට තාම මතකයි.මොකද ඇයට මතකයි මම හිටියේ මොනවගේ තත්ත්වයද කියලා. අනික මම කතාව කරද්දි මගේ ඉදිරියෙන් හිටපු අනික් අයත් පුදුමයෙන් වගේ මං දිහා බලා හිටියා.මට දැන් ඒක මතක්වෙද්දි හිතෙන්නේ ඒගොල්ලෝ හරියට චිත්‍රපටයක කතාවක් අහන් ඉන්නවා වගේ අහන් හිටියද කියලයි. මටත් මම ගැන එවේලේ පුදුම හිතුණා.ඒත් ඒ මමම තමයි.
අවුරුදු එක හමාරක් කැම්පස් එකට අදාළ නැති බාහිර ළමයෙක් විදිහට කොළඹ විශ්ව විද්‍යාලයේ ඉගෙන ගත්තු මම, ගිය අවුරුද්දේදි කොළඹ විශ්ව විද්‍යාලයේ ටී ෂර්ට් එක ගහගෙන ඒ කැම්පස් එකටම ආවා.ඒ දෙවැනි වසරේ විද්‍යාර්ථයෙක් විදිහට. පළමු වසරේදි නම් මම කොළඹ විශ්ව විද්‍යාලයීය ශ්‍රීපාලි මණ්ඩපයේ ළමයෙක් විදිහට මීටර් 100 ඉසව්ව පවා නියෝජනය කළා. දෙවැනි වසරේදී අපේ කොල්ලෝ කෙල්ලන්ට සහයෝගය දක්වන්නත් මට එන්න පුළුවන්කම ලැබුණා.දැන් මම තෙවැනි වසරේ.
ආපු දුර හීනයක් වගේ. Maths කරලා ෆේල් වෙලා ආයෙත් Art කරලා,ආයෙත් Econ ෆේල් වෙලා,ඒ වෙනුවට ජනමාධ්‍ය තෝරාගෙන තුන්වැනි වතාවටත් ඒ ලෙවල් කරලා මෙච්චර දුරක් එන්න පුළුවන් වෙයි කියලා මම කීයටවත් හිතුවේ නැහැ.මොකද ජනමාධ්‍යවේදියෙක් විදිහට ඉදිරියට යන්නයි මම සැලසුම් කරගෙන හිටියේ. ඒ හින්දා මට සිනමා විශේෂවේදී උපාධියක් හදාරන්න පුළුවන් වෙයි කියලා පවා අන්තිම මොහොත වෙනකම්ම හිතුණේ නැහැ.හැබැයි බලාපොරොත්තුවක් නොතිබුණාම නෙමෙයි.
ඒත් ඉංග්‍රිසි පාඨමාලාවත් අවසන් කරලා,පත්තරේ වැඩ ටිකත් කරගෙන,කැම්පස් එකේ අවුරුදු දෙකකුත් ඉවර කර ගන්න දැන් මට පුළුවන් වෙලා.හැබැයි දැන් නම් හුඟක් මහන්සියි.ඒත් දැන් ආපහු හැරෙන්න විදිහක් නැහැ.තවත් අවුරුදු දෙකක් එහෙමම තියෙනවා.ඉදිරියේදී රූගත කරන්නත් චිත්‍රපට කීපයක්ම තියෙනවා. තාමත් මගෙන් විධිමත් රූපමය අත්දැකීමක් විදිහට එළියට ආවෙත් මියුසික් වීඩියෝවක් විතරයි. කැම්පස් එකේ වැඩක් නෙමෙයි ඒකත්.
මේ කතාව කවදාහරි මම ලියන්න හිටපු කතාවක්.මේ වගේ පෞද්ගලික කාරණා ප්‍රසිද්ධ කිරිම හොඳ නැහැ කියලා කෙනෙක්ට හිතෙන්න පුළුවන්.මේවා ෆේස්බුක් දාන්න මට පිස්සුද කියලා කෙනෙක්ට හිතෙන්න පුළුවන්.ඒත් ඉඩ ලැබුණු වෙලාවේ අමතකවෙන්න කලින් මේක ලියලා තිබ්බොත් හොඳයි කියලා මට අද හිතුණා. හි හි.හි.
මාලන් විදානපතිරණ
No comments:
Post a Comment