Thursday, July 31, 2014

මගේ පුටුව ආක්‍රමණය කළ ජිල් බුට්ටා -2014/04/18

අට වසරේ විද්‍යාව උගන්නපු මුතුකුඩ මිස්ට මම තාම බයයි.ඒ නපුරු සැර මූණ මට තාම මැවිලා පේනවා.ඒ නිසාමයි දවසක් පරක්කු වෙලා පන්තියට එන මම, මුතුකුඩ ටීචර් ඈත එනවා දැකලා පන්තියට හයියෙන් දිව්වේ. මොකද මුතුකඩ ටීචර්ගේ පන්තිය පාස් කරගෙන තමයි අපේ පන්තියට යන්න තිබ්බේ. ඒත් එදා ඒ ඉක්මන කොට වුණා.මුතුකුඩ ටීචර්ගේ පන්තියේ ළමයෙක්ගේ කකුලේ මම හැප්පුණා. මගේ මතකය නිවැරදි නම් මම හැප්පුණේ Thivanka Madusanka ගේ කකුලේ නිකට කඩාගත්ත මම නතරවුණේ කොළඹ ජාතික රෝහලේ හදිසි අනතුරු අංශයේ.ඉන්පස්සේ සති දෙකක් විතර ඉස්කෝලේ නොගිහින් ගෙදර ඉන්න මට සිද්ධ වුණා.

ඒ අතරේ අපේ පන්තිය අලුත් වෙලා.මම මැහුම් පිටින්ම පන්තියට එද්දී මම වාඩිවෙලා හිටපු පුටුවයි ඩෙස්ක් එකයි වෙන කෙනෙක්ට අයිති වෙලා. හැබැයි මැහුම් දාගෙන පන්තියට ආපු මුල්ම දවසේ මම වේලාසනින් ආපු නිසා මට මගේ අයිතිය ආයෙත් හිමිවුණා.මට Kasun Piyamantha කිව්වා අලුත් ළමයෙක් පන්තියට ඇවිත් කියලා.එයා ප්රආවීණ සංගීතඥයකුගේ පුතෙක් කියලා කසුන් කිව්වා.මම බැලුවා කවිද මේ කියලා. ඒ Muditha Madawa උඹ මචං.මම දැක්ක මුල්ම දවසේ ඉඳන්ම උඹ හිනාමුසු මුහුණින් තමයි පන්තියට ආවේ.ඩෙස්ක් එකකයි පුටුවකයි ප්රරශ්නයක් තිබ්බත් අපි ඒක සාම සාකච්ඡාවලින් බේරාගත්තා. ඒත් මගේ හිතේ විශාල කුතුහලයක් තිබ්බා එදා උඹ එක්ක කතා කරනකම්.උඹ Navarathna Gamage පුතා කියලා දැනගත්තට පස්සේ මට මේක තාත්තාට කියනකම් ඉවසිල්ලක් නැතුව ගියා. ඉන්පස්සේ අපේ තාත්තා සහ නවේ අන්කල් මේ ගැන දැනගන්නකම් තත්පරයක්වත් ඉන්න මට බැරි වුණා.ඒ එක්කම උඹේ තාත්තගෙන් කෝල් එක ආවා(මට ඒක නම් මතක නැහැ). මට හරිම සතුටුයි. එදා ඉඳන් අපි දෙන්නගේ මිත්රආත්තවය දවසින් දවස අලුත් වුණා.


මට මතකයි දවසක් මුතුකුඩ මිස් නැති දවසක අලුත් D.P සර් ආවා. ඒ ප්රේ මරත්න සර්.සර් ඇවිත් ඇහුවා දැන් මොනවාද තියෙන්නේ කියලා.එතකොට විද්යාුව කිව්වම මොකක්දෝ සතුටක් සර්ට ඇතිවුණා. සර් කිව්වා මම දැන් ප්රිශ්නයක් අහනවා උත්තර දෙන්න කියලා. අපි ඔක්කොම තුෂ්නිම්භූත වෙලා හිටියේ.

“ඔය පිටිපස්සේ පේළියේ බිත්තය කෙළවර ඉන්න ළමයා නැගිටින්න“ සර් කිව්වා.

එතැන හිටියේ Muditha උඹ.උඹ ඇවිල්ලා දවස් ගාණයි ගත වෙලා හිටියේ. මම බැලුවා උඹේ මූණ දිහා. උඹ ටිකක් බයවෙලා හිටියේ.ඒත් උඹ ඒ බය නොපෙන්නා ඉන්න විශාල උත්සාහයක් ගත්තා.

“පූටිකාවක් යනු කුමක්ද ?“ සර් ඇහුවා.

කට්ටිය තක් බීරි වුණා.මොකද ඔය පාඩම ඉස්සරහට තිබ්බ පාඩමක්.ඒ නිසා මට උඹ ගැන සිරාවටම දුක හිතුණා මචං.

උඹ දන්න විදිහටම උත්තරයක් දුන්නා. ඉන්පස්සේ සර් උඹ ගැන විස්තර ඇහුවා.හැබැයි උඹ තාත්තාගේ ජනප්‍රියත්වයෙන් ප්රුයෝජන ගන්න උත්සාහ කළේ නැහැ.ඒ ලක්ෂණය නම් උඹේ අදත් තියෙනවා.

අට වසරේ අන්තිම වාරය මට කවදාවත් අමතක වෙන්නේ නැහැ. හත වසරේ තමයි අපේ විභාග ශාලාව තිබ්බේ. ඒ කියන්නේ සංගීත කාමරේ උඩ තට්ටුව.  


මට ගණන්වලට වැඩිම ලකුණු තිබ්බේ අට වසරේ අන්තිම වාරේ (ලකුණු 90).ඒ වාරයේදී තමයි මම ගණන් පේපරේ ඉක්මනටම ඉවර කළේත්.ඉන්පස්සේ මම වටපිට බැලුවා.එතකොට උඹ මොකක්ද්දෝ ගාණක හිරවෙලා.එකපාරම උඹ මගේ දිහා බැලුවා.මම ඇහුවා උදව්වක් ඕනෙද කියලා. හැබැයි උඹ හිටියේ පන්තියේ අනික් කෙළවරේ.ඒත් මම ආයෙත් ඇහුවා. උඹ ඔළුව වැනුවා.උඹ අවදානමක් ගන්න කැමැති නැති බව මට තේරුණා එතකොට.

අපි ඉන්පස්සේ ඉස්කෝලේ වගේම ඉස්කෝලෙන් පස්සේ ආනන්දේ පිහිනුම් තටාකේදි හම්බවුණා. මම පොඩිපූල් එකේ පොඩි එවුන් එක්ක පුරුදු වෙනකොට උඹ ලොකු පූල් එකේ ලොකු එවුන් එක්ක පීනනවා මම දැක්කා.ආනන්දේ පැවිලියන් එකේ ඉඳගෙන උඹේ අම්මත් ඈත ඉඳන් උඹ දිහා බලන් ඉන්නවා මම දැක්කා.අපේ තාත්තාත් ටික වේලාවකින් එතැනට ආවා මාව එක්කන් යන්න.ඉන්පස්සේ තිබුණු මුල්ම Parents Meeting එකේදී අපේ අම්මත් උඹේ අම්මා එක්ක යාළු වුණා. මට හරි සතුටුයි. “දැන් අපි හැමෝම අනික් කෙනාව දන්නවා“.

මේ ලිවිල්ල එක්තරා පිස්සුවක් වෙන්න පුළුවන්.ඒත් ලිවිය යුතු දෙයක්.ඉන්පස්සේ නොයෙක් දේ සිදුවුණා.

අපි ඉන්පස්සේ නවය වසරේදිත් හම්බවුණා. උඹ පිටිපස්සේ මුල්ලකට ගිහින් බුලට් විදින්න හරිම දක්ෂයි. දවසක් ඉන්ද්‍රපාල සර්ට මාට්ටු වුණාම උඹ කිව්වලු “සර් මම කොහොමද බුලට් විදින්නේ මගේ රබර් පටියත් කැඩිලනේ“ කියලා. මොකද එවෙලේ රබර් පටිය කැඩිලලු තිබ්බේ. 


උඹ කඩ්ඩට පට්ට දක්ෂයෙක්. මොනවාට ලකුණු අඩු වුණත් කඩ්ඩට ලකුණු අඩු වුණොත් උඹට අප්සට්.නවය වසරේ එක වාරයකදි උඹට ලකුණු තිබ්බේ හැත්තෑවයි. ඒ වාරේදි මටත් හැත්තෑවයි.ඒත් මට සාපේක්ෂව මට නම් ඒ ලකුණු ගාණ ඉහටත් උඩින්.ඒත් උඹ අප්සට්. කියාගන්න බැරි දුකකින් හිටපු බව මට දැනුණා. මම හරි නම් උඹ ඒ වෙනකොට බ්‍රිටිෂ් කවුන්සිල් යනවා. ඒ නිසා වෙන්න ඇති.

ඒ කොහොම වුණත් උඹට නව වසරේදි පැපොල් හැදිලා සති ගාණක් ඉස්කෝලේ එන්න බැරි වුණා.ඒ නිසා නවේ අන්කල්ට උඹේ පොත් ටිකයි, රිපෝට් එකයි දුන්නේ මම. මොකද නවේ අන්කල් දැනන් හිටියේ මාව විතරයි එතකොට.

ඒ කොහොම වුණත් ඉන්පස්සේ උඹ අපිට සීඩි රයිට් කරලා දීපුවා,ෆිල්ම් දීපුවා,ලැප්ටොප් ගන්න ගිය දවසේ අපිත් එක්ක ඊට කලින් දවස් දෙකක් ඇවිත් ඒක අරන් දෙන්න උදව් කරපු එකට, සින්දු දීපුවා,මැෂින් කැඩුණාම ඒක හදලා දීපුවා කවදාවත් අමතක වෙන්නේ නැහැ.ඒකට මම අදත් උඹට මම ණයයි.
 
 

No comments:

Post a Comment