Home Alone චිත්‍රපට මාලාවේ පළමු චිත්‍රපට ද්විත්වයේ ප්‍රධාන චරිතය නිරෑපණය කළ
කෙවින් ඔබට මතකද ? ඔහු නමින් මැකොලේ කල්කින්ය.කල්කින් ඇතුළුව ක්‍රිස්ටෝපර් ලොයිඩ්,
එඩ් බෙග්ලේ ප්‍රධාන චරිත නිරෑපණයෙන්ද,
පැට්‍රික් ස්ටිවර්ට්,වූපි ගෝල්ඩ්බර්ග් ආදින් හඬ නළුවන් ලෙසින්ද දායක වන The
Pagemaste, ජෝ ජොන්ස්ටන්, පික්සෝට් හන්ට් සහ මොරිස් හන්ට් සම අධ්‍යක්ෂණය
කළ චිත්‍රපටයකි. 1994 වසරේ නොවැම්බර් මස 23 වැනිදා තිරගත වූ The Pagemaster, ත්‍රාසජනක සිදුවීම් රුසක් පිරි සජීවිකරණ චිත්‍රපටයකි.මෙහි තිර කතාව
ඩේවිඩ් කැස්කි, ඩේවිඩ් කර්ස්ක්නර් සහ අර්නි කොන්ටරස්ගෙනි.මෙහි කතාව සඳහා පාදක
වන්නේ රිචඩ් ටයිලර් නම් කුඩා දරැවකු පුස්තකලායේදී මුහුණ දෙන අසාමාන්‍ය අත්දැකීමක්
වටාය. රෑගතකිරීම් කළ යුතු දර්ශන ඇමෙරිකාවේ ලොස් ඇන්ජලීස් නුවර සිදුවූ මෙහි සිනමා
කැමරාකරණය ඇලෙක්සැන්ඩර් ගෘසින්ස්කිගෙනි. සුපිරි සංගීත අධ්‍යක්ෂ ජේම්ස් හෝනර්
සංගීතවත් කළ The Pagemaster සිනමාපටය,මිනිත්තු 88ක් පුරා
දිවෙන්නකි.ඇ.ඩො. මිලියන 21ක පිරිවැයක් දරමින් නිෂ්පාදිත The Pagemaster චිත්‍රපටයේ ගීත අතිශයින් ජනප්‍රියත්වයට පත් වූ අතර 1995 වසරේ පැවැති ග්‍රැමී සම්මාන
උලෙළේදී "Whatever You Imagine"
ගීතය හොඳම චිත්‍රපට ගී පද රචනයට හිමි සම්මානය සඳහාද නිර්දේශ විණ.
No comments:
Post a Comment