අන්තවාදය සහ මුනිවත රුකීම
තිස් වසරක යුද්ධයක්
අවසන් කළ අප, මේ වන විට ගත කරන්නේ පශ්චාත් යුද සමයයි. නියපොත්තෙන් කඩන්නට තිබුණු
සරල ගැටලු කිහිපයක් එදා සංකීර්ණ කර ගත් පාලකයන් නිසාවෙන් දැල්වුණු එම ගින්නෙන්
පිලිස්සුණු ජීවිත සංඛ්‍යාව මෙතෙකැයි කිව නොහැකිය. එසේම එයින් පසුපසට හැරවූණු
සංවර්ධන ක්‍රියාවලියෙන්
අහිමි වූ දෑ ද මෙතෙකැයි මිල නොහැකිය.එහෙත් බල තණ්හාවෙන් ඔද
වැඩුණූ එකල පාලකයන්ට මෙය චූන් වැඩකි. එනම් තමන් පොරක් බව හැඟවීමට මෙවන් අවස්ථා
වැඩි වැඩියෙන් නිර්මාණය කර ගත් ඔවුන්, එයින් තම ස්ථාවරත්වය ගොඩනගා ගත්තේ ජාතීන් අතර
අසමගිය තුට්ටුවකට මායිම් නොකරමිනි. එහෙත් ජාතිමාමක,ජාති හිතෘෘශි,දේශප්‍රේමී ලේබලය
ලෙයට තවරා ගත් සිංහල ජනයා ද මෙම යටි අරමුණ තුට්ටුවකට මායිම් නොකළේය. එනිසාවෙන් ජාතික
ඇඳුම හඳින පාලකයා ඔවුන්ට රජෙකි.ආකර්ෂණීය දේශප්‍රේමී රැවන් වැකි පවසන පාලකයා ඔවුන්ට
රජෙකි.මාධ්‍යයට පෙනෙන්නට බුදුන් වඳින්නා රජෙකි.එහෙයින් රටේ අධ්‍යාපන ගැටලු දියාරැ
වීම ඔවුන්ට අනවශ්‍යය.ආර්ථිකය කඩා වැටීම අනවශ්‍යය.අධිකරණයෙන් අයුක්තිය ඉටු වීම
අනවශ්‍යය. මේ වෙලාවේ බඩ ගැන සිතීම අනවශ්‍යය.එනම් සිංහල ජනයා,දේශප්‍රේමයට මනාපය ලබා
දුන්නේය.එනම් දේශද්‍රෝහී කුමන්ත්‍රණ හෝ ත්‍රස්තවාදී තර්ජනයක් ඇතැයි ආණ්ඩුවක්
පැවසුවහොත්, පටි තද කර ගැනීමට මහ ජනයා දැන් වුණත් නොපසුබට වෙයි. එය අපේ රටේ
හැටිය.1948 සිට මෙතෙක් පාලනය ද එසේමය.එහෙත් සන්නිවේදනයේ දියුණුවත් සමගින්
නුදුරේදීම රාජ්‍ය සංකල්පය බිඳ වැටෙන බව නොපිළිගන්නා සත්‍යයක් බවට වි ඇත.එනම් පවතින
වාතාවරණය සළකා බලන කල්හි තව කෙතෙක් කලක් ශ්‍රී ලංකාව, සිංහල රටක් ලෙස පවතීවි ද
යන්න ගැටලුවකි.එනම් සංගණන වාර්තා පෙන්වා දෙන්නේ ශ්‍රී ලංකාවේ සිටි සිංහල බහුතරය ප්‍රතිශතයක්
ලෙස අඩු වී ඇති බවයි.එසේ නම් මෙතැන කුමක් හෝ කුමන්ත්‍රණයක් පවතින
බවට මේ වන විටත් දේශප්‍රේමීන් කෑ මොර දෙන්නට පටන් ගෙන ඇත.විශේෂයෙන්ම ජනමාධ්‍ය හරහා
නොවුණ ද නව මාධ්‍ය හරහා දැඩි කතාබහට ලක්වන මෙම සංවාදය වඩා අර්ථාන්විත වීම වෙනුවට
ජාතිවාදී දිසාවකට එල්ල වන්නේ තවත් යුද්ධයකට පිඹුරැපත් සකසමිනි.එහෙත් යුද්ධය අවසන්
කළ අප එම ජාතික ගැටලුව සඳහා හෝ තවමත් දේශපාලන
විසඳුමක් සොයාගෙන නොමැත. මේ නිසා මෙවන් මොහොතක මෙවැනි සංවාද භයානකය.එනම් ජාතික
සමගිය සඳහා එක්විය යුතු මෙවන් මොහොතක, එක් වීම වෙනුවට වෙන්වීම තෝරා ගැනීම සුබ
ලකුණක් නොවේ.





මේ නිසා අප පළමුව කළ
යුතු වන්නේ එකාවන්ව කටයුතු කර රටේ ආර්ථික ගොඩනැංවීමයි. රට තුළ සුරක්ෂිතතාවය ඇති
කිරීමයි.එසේම රටේ සියල්ලන්ටම ඕනෑම තැනක තම ආගම ඇදහීමට,චාරිත්‍ර වාරිත්‍ර ඉටු
කිරීමට අවකාශය සැලසීමයි. කොටින්ම කියතොත් මෙවැනි ක්‍රමෝපායන් කඩිනමින් දියත් කර
යුත් වන්නේ පාලකයන් විසිනි. එහෙත් මනාප සටනක පොර බදන ඔවුන්ගෙන් කී දෙනෙකුට මෙවන් අවශ්‍යතාවයක්
තිබේද යන්න ගැටලුවකි.එනම් යුද්ධය අවසන්ව වසර තුනක කාලයක් ගෙවී ගිය ද තවමත්
මීට නිශ්චිත විසඳුමක් ලබා දීමට පවතින රජය අපොහොසත් වීම මීට ප්‍රධාන සාධකයක් වී ඇත..
මෙම සියලු කරැණු කාරණා
සොයා බලන කල්හි සිදුවන ලෝක විනාශයක් සිදු නොවුණ ද ශ්‍රී ලංකාව තුළ විනාශයක්
නිර්මාණය වෙමින් පවතී. එහෙත් මෙවිට විනාශයන් දැක දැක තව දුරටත් මුනිවත රුකීම කළ
යුතුදැයි ඔබ අපෙන් ප්‍රශ්න කරනු ඇත.එහෙත් අප අදහස් කරන්නේ එය නොවේ. එනම් ඔබ යම්
විනාශයක් සිදුවන්නේ නම් ඊට විරෝධය පළ කළ යුතු වේ. ඒ අදාළ සිදුවීමේ කෝණයෙන් පමණි.
එසේ නොමැතිව ජාතිවාදී කෝණයෙන් නොවේ.එනම් එය පුද්ගලබද්ධ කාරණයක් පමණක් විය යුතුය.
එහෙත් අවාසනාවකට මෙන්
මීට තිස් හතරකට ආකාරයෙන්ම වර්තමානයේදී දැවෙන ප්‍රශ්න සඳහා ජාතිවාදී ලේබලය ඇලවී ඇත.එනම්
ඇතැම් දේශපාලන පක්ෂ සහ අන්තවාදී සංවිධාන විසින් විස පොවා ඇත්තේ ඔවුන්ට ඉල්ලීම්
නොලැබෙනුයේ තමන් සිංහලයෙක් නොවන නිසා බවයි.බෞද්ධයෙකු නිසා බවයි.එහෙත් පොදුවේ ගත්
කළ අපට පෙනෙනුයේ තරැණ ප්‍රජාව මුහුණදෙන ගැටලුවල ස්වරෑපය එක හා සමාන බවයි.මේ නිසා
අප කළ යුතු වන්නේ තම ගැටලු සම්බන්ධයෙන් එකමුතුව පාලකයන්ට ඒත්තු ගැන්වීම මිසෙක බෙදී
විසිරී යාම නොවේ.
කෙසේ වෙතත් අවසානයේදී
අපට මෙසේ සටහනක් තැබීමට සිතේ.ඔබ බෞද්ධයකු නම් හොඳ සිංහලයෙකු නම් තම ආගම ජාතිය
සුරුකීමට කළ යුතු වන්නේ ජාතික මට්ටමේ වැඩපිළිවෙළක් සකස් කිරීම නොව අන්තර්ජාතික
වැඩපිළිවෙළක් සකස් කිරීමයි.එනම් ශ්‍රී ලංකාව තුළ වෙසෙන බෞද්ධයන් සුරුකීමට සමගාමීව
විදේශගත වූ බෞද්ධයා සුරුකීමේ වැඩපිළිවෙළකට මුල පිරීමයි.නොපැකිලව ජාතික අඛණ්ඩතාවය
තහවුරැ කිරීමයි.
මාලන් විදානපතිරණ
No comments:
Post a Comment