අමුතු අත්දැකීමක්
මහ රෑ වෙනකම් ඇහැරිලා ඉන්න නිසාම ලේසියෙන් උදෙන්ම නැගිටින්නේ නැති මම පහුගිය දවස් ටිකේ උදෙන්ම නැගිට්ටා.ඒ කැම්පස් එකේ විභාගේ හින්දා බෝඩිමේ හිටපු හින්දා.බෝඩිමයි,කැම්පස් එකයි අතර මීටර් සීයක්වත් දුර නැහැ.පේන මානයේ.යන එන හැමෝම අපේ බෝඩිම පාස් කරන් තමයි යන්නේ.ඉතින් මම බ්‍රෂ් ඒකත් කටේ ගහගෙන පාර දිහා බලන් හිටියේ කව්ද කැම්පස් එක පැත්තට යන්නේ කියලා බලන්නයි. එදා තිබ්බේ "Asian Cinema" විෂය.මේ දවස්වල රැග් එක කන පොඩි කෙල්ලෝ අහිංසක විදිහට බිම බලාගෙන යනවා මම දැක්කා.මේ අතරේ උදේ අටට විතර අපේ කැම්පස් එකේ මියුසික් ලෙක්චරර් එනවා කන්ද නැගගෙන.එතකොටත් මං දත් මදිනවා.
“ගුඩ් මෝනින්ග් මිස්“ මම කිව්වා.
“ඔයා දැන් මෙහෙද ?“ මිස් මගෙන් ඇහුවා.
“ඔව් මිස්.විභාගේ නිසා බෝඩිමේ නැවතුණා. මේ දවස් ටිකට විතරයි“
පාසැල් ජීවිතේදී පාසැලේදී ගුඩ් මෝනින්ග් කියද්දිත් බයෙන් බයෙන් දඟලපු අපි,කැම්පස් එකට ආවාට පස්සේ බැල්කනියේ ඉඳන් පහළින් යන අපේ ලෙක්චරර්ට කිසිම බයක් හැකක් නැතුව කතා කරන එක ගැන දැන් හිතලා බැලුවම මට පුදුමත් හිතෙනවා.ඒ තරම් කුළුපග බවක් අපි අතරේ ඇතිවෙලා තියෙනවා.(එහෙම නැතුව මේ හරහා ලෙක්චරර්ට දිය යුතු ගරුත්වය හෑල්ලු කළා නෙමෙයි.)
ගුරු - සිසු සංස්කෘතියේ වෙනසක මහත!