මාලන් විදානපතිරණ
සංගීතමය චිත්‍රපටයක් වන Joyful
Noise ටොඩ් ග්‍රාෆ්ගේ චිත්‍රපටයකි. ඔහුගේම තිර කතාවකට අනුව
පසුගිය වසරේ නිර්මාණය වූ මෙහි ප්‍රධාන චරිත නිරෑපණය කරන්නේ ක්වින් ලටිෆා,ඩොලී පාට්න්,කෙකේ
පාල්කර් සහ ජෙරමි ජෝඩ්න්ය. මෙහි තිර කතාව සඳහා පාදක වන්නේ නවක යෞවන ශිල්පීන්
සමගින් ජාතික සංගීත උලෙළකට තරග වදින සංගීත කණ්ඩායමකි. ඔවුන්ගේ දක්ෂතා කවරේද ? වී
රෝස් හිල් සහ ජී.ජී. ස්පැරෝ යන සංගීත නායිකාවන්ට නවකයන් සමගින් සාර්ථකව ඉදිරියට
යාමට හැකිවේද ? චිත්‍රපටයේ ඉදිරි ගමන් මග තීරණය වෙන්නේ මෙවැනි වටපිටාවත් තුළය. සියලු
රෑගතකිරීම් ඇමෙරිකාවේ ජෝර්ජියාවේ සිදුවූ මෙහි සිනමා කැමරාකරණය ඩේවිඩ් බොයිඩ්ගෙනි. මර්වයින්
වොරන් සංගීතවත් කළ Joyful Noise සිනමාපටය,මිනිත්තු 118ක්
පුරා දිවෙන්නකි.ඇ.ඩො. මිලියන 25ක පිරිවැයක් දරමින් නිෂ්පාදිත මෙම චිත්‍රපටය ආරම්භක
සතියේදී ඇමෙරිකාවෙන් පමණක් උපයා ගත් ආදායම ඇ.ඩො. මිලියන 11 ඉක්මවයි.Joyful
Noise චිත්‍රපටය ලෝ පුරා ප්‍රදර්ශනයෙන් උපයා ගත් සමස්ත ආදායම
ඇ.ඩො. මිලියන 31කට ආසන්නයි.
No comments:
Post a Comment