Thursday, January 23, 2014

Hustle and Flow 2013 මැයි මස මස 16 වැනිදා රාත්‍රී 10.30 HBO Hits නාලිකාවෙන්



මාලන් විදානපතිරණ

2006 වසරේ පැවැති ඔස්කාර් සම්මාන උලෙළේදී "It's Hard Out Here for a Pimp" ගීතය වෙනුවෙන් වසරේ හොඳම චිත්‍රපට ගීතයට හිමි සම්මානය දිනා ගත් Hustle and Flow චිත්‍රපටය,ක්‍රෙග් බ්‍රීවර්ගේ කතාවකට අනුව ඔහු විසින්ම කළ නිර්මාණයකි. ටෙරන්ස් හොවාඩ්, අන්තෝනි ඇන්ඩර්සන් සහ ටැරයින් මැනින්ග් ප්‍රධාන චරිත නිරෑපණය කරන මෙම චිත්‍රපටයේ ප්‍රධාන කතා තේමාව ගලා යන්නේ සාර්ථක හිපොප් ගායකයකු වීමට වෙර දරන ගායකයකු වටාය. මෙහි ප්‍රධාන කතා සංකල්පය රෑගත වූයේ ඇමෙරිකාවේ ටෙනසි නගරයේය. සිනමා කැමරාකරණය ඇමී වින්සන්ට්ගෙනි. ස්කොට් බෝමර්ගේ නාද රටාවෙන් සිත්තම් වූ Hustle and Flow චිත්‍රපටයේ සියලුම ගීත එකල අතිශයින් ජනප්‍රිය විය. ඇ.ඩො. මිලියන 2.8ක පිරිවැයක් දරමින් නිෂ්පාදිත මෙම සිනමාපටය, ඇමෙරිකාවේ තිරගත කිරීමෙන් පමණක් අත්පත් කර ගත් ආදායම ඇ.ඩො. මිලියන 24කට ආසන්නය.










No comments:

Post a Comment