අපේ ගණන් ඇන්ටි
මතකයි නුඹ අපට කියා දුන් ගණන්
හැම
වැඩි ගණන් ගන් නැතුව උගන්නපු
හැටියට
හිතෙනවා නුඹව අපි ගණන් ගත්තාද
කියා අද
ඔබේ මුවගේ රුදුණු වචන ටික අද
ඇහෙනවා
ඒත් ඒවා දැන් අහිමි බව මට දැනෙනවා
ආයෙමත් ඕලෙවල් කරන්නට හිතෙනවා
ඒත් ඒ බංකුවල මල්ලිලා ඉන්නවා
ඕලෙවල් පන්තියේ ගණන්කාරයා මමයි
පන්තියේ වැඩිම ලකුණුත් ගත්තේ
මමයි
ඒලෙවල් පන්තියට ගණන් තේරැවෙත්
මමයි
කණු තුනක් එක්ක ජීවිතේත්
පැරදුණේ මමයි
පැරදුණත් ජිවිතේ මම මුල්ම
වතාවට
ඔබ හිටියේ වෙනදා මෙන් දසන්
පිරි මුවගින
පැතුම් පොදි පුරෝගෙන මාරැ වී
කලාවට
පැරදුණා ජීවිතේ යළි දෙවැනි
වතාවට
පැරදුණත් ජිවිතේ මම දෙවැනි
වතාවට
ඔබ හිටියේ වෙනදා මෙන් දසන්
පිරි මුවගින
පැතුම් පොදි පුරෝගෙන හිතට
සවිබල රුගෙන
දිනුවා ජීවිතේ තෙවැනි වර
සරසවියේ අගුලු හැර
ඉතින් අවුරැද්දකට පසුව අද
ගියා මම කොහොමහරි ඇය හමුවන්න
වෙනදා වගේම පිරැණු ගණන්
පන්තියට
කණ්ණාඩි දාන ඇස් සොයාගෙනම
හැඳින්නා ඇය සැනිණ මාව ඈතදිම
දිව ආවා සතුටින් ඉපිල යමින
සිනාසෙමින උද්යෝගයෙන
විමසමින මං ගැන යාළුවෝ ගැන
මගේ මල්ලිත් අද භාර ගනිමින
ඕලෙවල් ජිවිතයකම අදත් ජීවත් වන
බව හඟිමින
සංකල්පනාව - මාලන් විදානපතිරණ